17072024Wed
Last update:Wed, 08 May 2024

‘ඉන්ෆොටෙල්-2015’ සාර්ථකයි

harinකොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති 'ඉන්ෆොටෙල් - 2015' තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය අති සාර්ථක වූ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයේ සභාප‍ති (ෆිටීස්) චින්තක විජේවික්‍රම මහතා පවසයි. 'ඉන්ෆොටෙල් - 2015' ප්‍රදර්ශනයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ දෙස් විදෙස් සමාගම්වල විධායක නිලධාරීන් පිළිගත් වෘත්තිකයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ව්‍යවසායකයන් අධ්‍යාපනඥයන් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ආචාර්යවරුන් සාමාන්‍ය ජනතාව ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වූ බව විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැවැසීය.


සැබෑ සහජීවනය හඳුනා නොගැනීම

president ms2බඩු බෙදා හා මුදල් බලයෙන් ඡන්දය ලබාගැනීමේ උපක්‍රමය අදට වලංගු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. සහජීවනය යනු ඉන් එහාට ගිය මානුෂිකවාදී උත්තරීතර සංකල්පයකි. “විද්‍යා” පාසල් සිසුවියගේ නිවසට ජනාධිපති ‍ෙමෙත්‍රීපාල සිරිසේන මහතා ගියේ සහජීවනය හා සංහිඳියාව කුමක්දැයි එතුමා ප්‍රායෝගිකවම දැනගෙන සිටි නිසාය. එය ජාතිවාදී පොල්කටුවකින් වසා තැබිය නොහැක. යමෙක් එසේ ක්‍රියාකරන්නේ නම් එය අසාර්ථක ‍උත්සාහයකි.

ඉන්දු-ලංකා නව තාක්ෂණ සහයෝගිතා ගිවිසුමක්

sl and indiaවෙළෙඳ ආයෝජන කර්මාන්ත සහ ආර්ථික අංශවලින් දෙරටටම වාසිදායක ප්‍රතිඵල හිමිවන පරිද්දෙන් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර නව තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට සූදානම් වේ. ලබන වසර මැද වන විට නව ගිවිසුම අත්සන් තැබීමට හැකිවනු ඇතැයි උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා අනාවැකි පළ කෙළේය. ලෝකයේ ශීඝ්‍රයෙන්ම ආර්ථිකය වර්ධනය වන රට ඉන්දියාව වීමත් එය අප රටට කිලෝමීටර් 20ක් තරම් දුරින් පිහිටා තිබීම නිසාත් මේ ගිවිසුම මඟින් වැඩි වාසි අත්කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බවත් මලික් සමරවික්‍රම මහතා පැහැදිලි කළේය.

තහනම් උත්තේජන චෝදනා ප්‍රතික්ෂේප කරයි

kusalතහනම් උත්තේජන භාවිතා කොට තරග වැදුණේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ‘බී‘ මුත්‍රා සාම්පල පරික්ෂණයට යා යුතු යැයි ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ගොවියාගේ දායකත්වය අසම සමයි

siraa 1රටක ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවි ජනතාව දක්වන දායකත්වය අසම සම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

මුල්‍ය අංශයේ දියුණුවට අයවැයෙන් අගනා යෝජනා

01 mulya 0සුළු හා මැදි පරිමාණ ව්‍යාපාර ඇරඹීමට ඇප රහිත ණය , නිවාස ඉඳිකරගන්නට වැඩිපුර මුදල් හා බැංකුවලින් කල් බදු ව්‍යාපාරය ඉවත්කිරීම වැනි රටේ මූල්‍ය අංශයේ දියුණුවට අයවැයෙන් අගනා යෝජනා රැසක් සිදු කොට ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති හා කැන්ඩර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි රවි අබේසූරිය මහතා ප්‍රකාශ කළේය.

2016 ආර්ථිකය කොහොමද?

06 2016 01තව දින 24කින් 2016 වසර එළැඹේ. ලබන වසරේ ලෝක ආර්ථික කේන්දරය කවර ස්වරූපයක එකක්දැයි දැන් දැන් අනාවැකි පළවේ. බොහොමයක් අනාවැකි පළකරන්නේ ශ්‍රී ලකාවේ මෙන් නැකැත් කරුවන් නොව ආර්ථික විද්වතුන් විසිනි.