17072024Wed
Last update:Wed, 08 May 2024

2016 ආර්ථිකය කොහොමද?

dghoossnnykමෙවර අයවැය මඟින් පළාත් සභාවන්හි වැය ශීර්ෂය පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය යටතට පත්කිරීම සම්බන්ධව පළාත් මහ ඇමතිවරු දැඩි විරෝධය පලකැර සිටිති.

මෙමඟින් රේඛීය අමාත්‍යාංශ යටතේ ඇති තවත් එක් දෙපාර්තුමේන්තුවක් බවට පළාත් සභා පත්ව තිබෙන බව පෙන්වා දෙන මහ ඇමතිවරු මේ සම්බන්ධව විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (07) ජනපතිවරයා වෙත සංදේශයක් බාරදීමටද තීරණය කැර ඇත.

මහනුවර ඕක්රේ හෝටලයේදී පසුගියදා (04) පැවති පළාත් මහ ඇමතිවරන්ගේ විශේෂ සාකච්ඡාවකදී සියලු ප්‍රධාන ඇමතිවරු මෙවර අයවැයෙන් පළාත් සභාවන්හි බලතල කප්පාදු කිරීමට ගෙන ඇති පියවර වලට දැඩි විරෝධය එල්ල කිරීමය තීරණය කැර තිබේ.

අදාළ යෝජනා මඟින් පළාත් සභාවන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතකොළුවක් බවට පත්ව තිබෙන බවත් මේ හේතුවෙන් පළාත් සභාවන්හි ව්‍යාපෘති සඳහා මුදල් ඉල්ලීමට ප්‍රධාන ඇමතිවරුන්ට රේඛීය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යෑමට සිදුව තිබෙන බවත් උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසයි.

කැබිනට් අමාත්‍යවරයකුගේ බලතල සහිතව ස්ථාපිත කැර තිබෙන මහ ඇමති ධූරය මෙමඟින් හෑල්ලුවට ලක්වන බවත් පළාත් සභාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තත්ත්වයට පත්කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු පැවසුවේය.

මෙය පළාත් සභාවන්හි ශක්තිය ශුණ්‍ය කිරීමක් බවත් 13න් වන ව්‍යාවස්ථා සංශෝධනය මඟින් පළාත් සභාවන්ට ලබාදී ඇති බලය මෙමඟින් මධ්‍යම රජය උදුරා ගෙන තිබෙන බවත් කී මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මෙම අයවැය යෝජනාව සංශෝධනය යුතු බව කීය.පවතින තත්ත්වය යටතේ පළාත් සභාවන්හි අයවැය සකස් කිරීම ගැටලුවක් බවද හෙ‍තම පැවසීය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ඇමතිවරුන් වන මහීපාල හේරත්,ශාන් විජයලාල්ද සිල්වා,නෂීර් අහමඩ්,ධර්මසිරි දසනායක,චාමර සම්පත් දසනායක,ඉසුර දේවප්‍රිය යන අය සහභාගී වූහ.