පෙරහරවලට හීලෑ අලින්ගේ අඩුවක් නැහැ
ඇසළ මාසයේ දී දිවයිනේ ප්‍රධාන ආගමික ස්ථාන රැසක පැවත්වෙන පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ප්‍රමාණවත් ලෙස නොමැති බව පවසමින් ගෙන යන වැඩපිළිවෙළ රජය අපහසුතාවට පත් කිරීමට කරන්නාවූ වෑයමක් ලෙස තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.
දියවඩන නිළමේතුමන් ඇතුළුව නිළමේ වරුන්ගේ සංගමය සහ හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡවේ දී ඔවුන් පෙරහර සඳහා ඔවුන් සතු සියලු අලි ලබාදීමටත් එම ප්‍රමාණය ඓතිහාසික දළදා පෙරහර සඳහා ප්‍රමාණවත් බවත්, හැකිනම් තවත් අලි පස්දෙනෙකු ලබා දෙන ලෙසටත් ඉල්ලීමක් කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (4) සිය පත්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් භාර ගැනීමට නියමිතය.
ආරක්ෂක හමුදාවලින් පලාගොස් සහ නිවාඩු ගෙන ආපසු සේවයට වාර්තා නොකළ භට පිරිස්වලට නිත්‍යානුකූලව ඉවත්වීමට ආරක්ෂක අමාත්‍යංශය ලබාදුන් පොදු සමකාලය තුළ දොළොස්දහසකට ආසන්න පිරිසක් බාරවී තිබේ.
හම්බන්තොට ඉදිකර ඇති නැව් නොයන වරාය නැව්වලින් පිරවීමටත්, දවසට එක් ගුවන් යානයක් පමණක් පැමිණෙන මත්තල ගුවන්තොටුපලට ගුවන් යානා පැමිණීමටත් වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අයි. එස්. අයි. එස්. සංවිධානය බංග්ලාදේශයේ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා නොව ඊට බොහෝ කාලයකට පෙර සිටම ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙරට බුද්ධිඅංශ දැඩි අවධාරණයකින් සිටින බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පරිසරය රැක ගනිමින් මතු පරපුර වෙනුවෙන් එය සුරක්ෂිතව දායාද කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ එක්වෙමින් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කිරීම සියලූ නිලධාරින්ගේ වගකීමක් බව ජනපති අවධාරණය කරයි.
දැනට අත්හිටුවා තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය (වරණීය තීරුබදු) යළි ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජයේ නිල අයදුම්පත ඊයේ (28) බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයට බාරදීමට නියමිතව තිබුණු බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.