12102025Sun
Last update:Fri, 10 Oct 2025

අඩු ආදායම්ලාභීන් 1000කට සෙවන නිවාස ආධාර

sajithසැමට සෙවන නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් දහසකට නිවාස ණය ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තැපැල් ශ්‍රවනාගාරයේදී හෙට (30) ප.ව. 2.00 චෙක්පත් පිරිනැමීම සිදු කිරීමට නියමිතය.

මෙම උත්සවයේදී රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තුනහාමාරක් පමණ දක්වා වූ මුදල් ප්‍රතිලාභීන් වෙත පිරි නැමෙනු ඇත. ''සැමට සෙවන'' නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් 2500 කටමෙම ණය මුදල පිරි නැමීමට කටයුතු යොදා ඇති අතර   ඔවුන්ගෙන් දෙසිය දෙනෙකුට මීට පෙර ප්‍රථම අදියර යටතේ නිවාස ණය ප්‍රදානය කොට තිබේ.ඉතිරි පිරිසටද ඉදිරි මාසය තුළ නිවාස ණය පිරිනමා අවසන් කිරීමට නියමිතය.