ශ්‍රී ල.නි.ප.ය රැකගෙන ඉදිරියට ගෙන යෑමේ වගකීම තරුණ සාමාජිකත්වයට පැවරෙනවා
 දුක්කම්කටොළු බාධක ජයගෙන ඉදිරියට ගෙන ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගෙන ඉදිරියට ගෙන යාමට එහි තරුණ සාමාජිකත්වයට මහඟු වගකීමක් පැවැරී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ නව කාර්යාලය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඉකුත්දා විවෘත කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. පක්ෂයේ තරුණ සංවිධානයට සහ තරුණ නායකයින්ට සුබපැතුවා. අනාගතයේ මේ රටේ ජනාධිපතිවරුන් බිහිවේවා කියලා.
 එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රමුඛ කොට ගෙන සෙසු දේශපාලන පක්ෂ රැසකගේ පූර්ණ සහයෙන් ජාතික ආණ්ඩුවක් ඊයේ (22) බිහි කැර ගන්නා ලදී. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු විසිහය දෙනෙක් නව ජාතික ආණ්ඩුවට එක්වූහ. මෙම මන්ත්‍රීවරු ඊයේ ම නව කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දී නව ජාතික ආණ්ඩුවට සිය එකඟතාව සපථ කළහ.