19042024Fri
Last update:Thu, 18 Apr 2024

ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව 12දා

Monk2අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 12 දින පස්වරු 2.00ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


ශ්‍රී දේහය මවුබිමට වැඩමකරවති

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්ව‍යේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමියන්ට ගෞරව කරමින් සෑම නිවෙසෙකම කහ කොඩියක් ඔසවා තබන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිවාස සඳහා කහ කොඩිය මෙන්ම සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කොට තබන ලෙස ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා ඉල්ලයි.

රනිල්-චන්ද්‍රිකා හමුවක්

Wickremsinghe Chandrikaදහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් දැනට මතු වී ඇති ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා උදෑසන පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

අස්ගිරි මහා නා හිමි ආදාහනය ඉරිදා : ශෝක දිනයකුත් නම් කරයි

monk1සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ දී අපවත් වී වදාල උඩුගුම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමිගේ දේහය බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකාවට වැඩම කර වීමට නියමිතය.

කමිටු වාර්තාව ඉදිරි සතියේ දී

WICKREMESINGHEභාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇද්දැයි කරුණු විසීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේ දී කීය. එම වාර්තාව තමාට අද හෙට ලැබෙනු ඇති බවට අගමැතිවරයා විශ්වාසය පළ කළේය.

ජී.එස්.පී. ශ්‍රී ලංකාවට ගන්න වසරක් යනවා ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

ජී.එස්.පී. ප්ලස් ශ්‍රී ලංකාවට ලබාගැනීමට තවත් වසරක් පමණ යන බවත් අවුරුද්දකට කලින් එය ලබා ගන්න බැරි තත්ත්වයක් ඇතැයි ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා-පාකිස්තාන නව ගිවිසුම් 6ක්

sl pakමත් ද්‍රව්‍ය, මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන ද්‍රව්‍ය, ඒවා නිෂ්පාදනය කරන රසායන ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නවතාලීමට ඇතුළු සහයෝගිතා ගිවිසුම් දෙකකට සහ තවත් අවබෝධතා ගිවිසුම් හතරකට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ඊයේ (06) පකිස්තානු අග්‍රාමාත්‍ය නිවසේ දී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම් හයක් සඳහා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ආපදා කළමනාකරණ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් පකිස්තානු අගමැතිවරයාගේ විදේශ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සර්ටාජ් අෂීෂ්, ආරක්ෂක ඇමැති කච්චා මොහොමඩ්, අන්තර් පළාත් සම්බන්ධීකරණ ඇමැති රියාස් හුසේන් පීර්ෂඩා, වරාය හා නාවික කටයුතු ඇමැති තමිරාන් මයිකල් හා කාලගුණ විපර්යාස පිළිබඳ අමාත්‍ය මුෂධිඅල්ලා ඛාන් සමඟ ගිවිසුම් අත්සන් කෙරිණි. මෙම ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පකිස්තානු අගමැති නවාෂ් ෂරීප් යන මහත්වරුන් ඉදිරිපිට දී සිදු කෙරිණි.