18042024Thu
Last update:Mon, 04 Mar 2024

සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් චීන හමුදා ආචාර පෙළපාළියක් පැවති අතර එය ජනාධිපතිවරයා පිළිගත් අයුරු. චීන ජනාධිපති ෂිං ජින් පින් මහතා ද මෙහි සිටී.

mainpic


ශ්‍රී ලංකා ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය ඉතා ඉහළින් අගය කරනවා

- චීන ජනපති ෂින් ජින්පින් කියයි

ගාමිණී සුමනසේකර සහ කුෂාන් සුබසිංහ චීනයේ බීජිං නුවර සිට

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තිය තමන් ඉතා අගය කරන බව චීන ජනාධිපති ෂින් ජින්පින් මහතා චීනයේ මහජන මහ ශාලාවේදී ඊයේ (26 වැනිදා) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී පැවැසීය.

චීනයෙන් ශ්‍රී ලංකාවට අංගසම්පූර්ණ වකුගඩු රෝහලක්‌

කුෂාන් සුබසිංහ චීනයේ සිට

ශ්‍රී ලංකාවේ අංග සම්පූර්ණ වකුගඩු රෝහලක්‌ ඉදිකිරීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂිං ජින් පින් මහතා අතර ඊයේ (26දා) පෙරවරුවේ පැවැති ද්විපාර්ශවීක සාකච්ඡාවලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීමක්‌ අනුව චීන ජනාධිපතිවරයා මේ සඳහා සිය එකඟතාව පළ කළේය.

ජර්මන් මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටේ

500ජර්මන් වින්ග් සමාගමට අයත් ඒ320  මගී ප්‍රවාහන ගුවන් යානයක්  අනතුරකට ලක්වී ඇත.බාසිලෝනා සිට ඩසල් ඩෝර්ෆ් නුවරට පියසර කරමින් තිබූ යානයේ මගීන් 148දෙනෙකු සිට ඇත. යානයේ සිටි සියලුම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව ප්‍රංශයේ ජනාධිපති  පවසයි.

19 වැනි සංශෝධනය මැතිසබයට

SL parlimentවිධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත් කෙරෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පර්ලිමේන්තුවට ඊයේ (24) ඉදිරිපත් කළේය. පනත් කෙටුම්පතේ දෝෂ හේතුවෙන් එය සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයකට යාමට සිදුවනු ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල  ද සිල්වා මහතා සහ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ කථානායකවරයාගේ අවධානයට යොමු කළහ.

උතුරු නැඟෙනහිර පානීය ජල ගැටලුව විසඳන්න කටාර් රජය ඉදිරිපත් වෙයි

n15032514උතුරු නැ‍ඟෙනහිර පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා සහාය දැක්වීමට කටාර් රාජ්‍ය සිය කැමැත්ත පළ කර එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට එරට අමාත්‍ය නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට එවන බව කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂික් තමීම් බින් හාමඩ් අල් තානි මහතා පැවැසීය.

උතුරේ ඉඩම් යළි මුල් හිමිකරුවන්ට

Wickremesinghe1උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්‌කර දහසක ප්‍රමාණයක්‌ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළේ මුල් පියවර ලෙස ඉඩම් අක්‌කර 425 ක්‌ නිදහස්‌ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණි. ජනාධිපතිවරයා මෙහිදී සංකේතාත්මකව ඉඩම් හිමිකම් බලපත්‍ර ප්‍රදානය කරන අයුරු ඡායාරූපයේ දැක්‌වේ.