16042024Tue
Last update:Mon, 04 Mar 2024

කලාකරුවන්ට විශ්‍රාම වැටුප්

කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙළ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ඊයේ (21) නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.


අපේ පාලන කාලයේදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා උතුම් කොට සලකනවා

President5අප රටේ බෞද්ධ ආගමික පරිසරය ශක්තිමත් කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය ඓතිහාසික විශාල කාර්ය භාරයක් සිදුකර තිබෙනවා. එය අද දවසේ පමණක් නොව ඈත අතීතයේ රජ දවසේ සිට සිදුවෙමින් පවතිනවා. අනුරාධපුර යුගයේ සිට කොළඹ යුගය දක්වා ජාතික ආගමික සංස්කෘතික හා සමාජීය යන සියලු කටයුතු වලදී මහා සංඝරත්නය මහත් කැපවීමකින් ක්‍රියා කරනවා පමණක් නොව මේ රට විවිධ ආක්‍රමණිකයින් අතට පත්ව තිබූ අවධියේදීත් රට විවිධ අර්බුදවලට ගොදුරු වූ අවස්ථාවලදීත් පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේද මහා සංඝරත්නය යි. එසේ හෙයින් අපේ පාලන කාලය තුළදීද මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා උතුම් කොට සලකනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (19) දින යක්කලමුල්ල කොට්ටවදී පැවසීය.

ප්‍රවීණ මාධ්‍යවේදි ඩී.එෆ්.කාරියකරවන මහතා අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ඩී.එෆ්.කාරියකරවන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද උදෑසන  මියගිය බව  පවුලේ ඥාතීන් සඳහන් කළේය.

වර්ෂ 1922 දී උපත ලද ඒ මහතා මියයන විට   93 වන වියෙහි පසුවුණි.

19 වැනි සංශෝධනය 27 දා

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 27 දිනට කල් දමා ඇත.

Parliamentඅද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 27 දිනට කල් දමා ඇත.

රජය - විපක්ෂය එකඟතාවක සර්වපාක්ෂික හමුවේදී තීරණය වෙයි

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට 21දා සහ 22දා පැවැත්වීමට රජය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇතිවී තිබේ.

මෙසේ එකඟතාවය පළවී ඇත්තේ ඊයේ (19දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දේශපාලන පක්ෂවල නායකයින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුවය.

සේවා අහිමිවූවන් ජනපති නියමයෙන් යළි සේවයේ

boiමාර්ග සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවයකොට සේවා අහිමිව සිටි සියලු සේවක සේවිකාවන් නැවත සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝගකොට තිබේ.

ලංසුව ගැන වැඩිදුර විමර්ශනයක්

mahendranමහ බැංකුවේ තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට තිබුණු ලංසුව පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් මේ පිළිබඳ පරීක්ෂා පැවැත්වූ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කොට තිබේ.