16102025Thu
Last update:Fri, 10 Oct 2025

සේවා අහිමිවූවන් ජනපති නියමයෙන් යළි සේවයේ

boiමාර්ග සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවයකොට සේවා අහිමිව සිටි සියලු සේවක සේවිකාවන් නැවත සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝගකොට තිබේ.

සිය සේවය අහිමි වූ සේවකයින් පිරිසක් 17 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අද (20) දින සිට සියලුම සේවකයන් සේවයට වාර්තා කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිතුමා එම අවස්ථාවේදී ඊට අදාළ කටයුතු සලසන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 235 දෙනකු සිය සේවය අහිමි කිරීම ‍ෙහ්තුවෙන් දින ගණනාවක් මුළුල්ලේ බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාල පරිශ්‍රයේ ඉදිරිපිට උපවාසයක නිරත වෙමින් තමන් සේවයේ පිහිටුවන ලෙස බලධාරින්ට බල කර සිටියහ.

ඔවුන් ජනාධිපතිතුමා හමුවූ මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.