23112024Sat
Last update:Wed, 20 Nov 2024

ගුවන් තොටේ සේප්පුවේ කෝටි ගණනක මුතු මැණික් රත්රන් අතුරුදන්

නිලධාරීන්ගෙන් වංචා-දූෂණ සෙවීමේ කොමිසමට පැමිණිලි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රත්රන්, මුතු මැණික් ඇතුළු වටිනා ස්වර්ණාභරණ රාශියක් අතුරුදන්ව තිබේ.


පක්ෂ අතර එකඟතාවක් නැත්නම් 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවට

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරි සතිය ඇතුළත දේශපාලන පක්ෂ අතර එකඟත්වයක් ඇති නොවුණොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ කාර්යය එළඹෙන මැතිවරණයෙන් පසු පත්වන අලුත් පාර්ලිමේන්තුවට පැවරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

අස්ගිරි මාහිමිපාණන්ට ජනපතිගෙන් සුබ පැතුම්

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහනායක පදවියට පත් ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සාභිධාන හිමිපාණන් වහන්සේට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

දේශපාලනඥයන් හා නිලධාරීන්ගේ දූෂණ වංචා සෙවීමේ විමර්ශන 45ක් ක්‍රියාත්මකයි

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති කියයි

ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ බරපතළ වංචා දුෂණ අක්‍රමිකතා මෙන්ම බලය අයුතු ලෙස අවභාවිත කිරීම් ඇතුළුව තවත් විමර්ශන 45ක කටයුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් ආරම්භ කර ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවැසීය.

එෆ් සී අයි ඩී යට දේශපාලන අතගැසීම් නෑ -අගමැති කාර්යාලය නිවේදනය කරයි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය අවධාරණය කරයි.

බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පාර්ලිමේන්තුවට

ranil jayawardanaබි‍්‍රතාන්‍ය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන එරට පාර්ලිමේන්තුවට පත්ව ඇත.

මහින්දගේ සහ පවුලේ වත්කම් ඩොලර් කෝටි 1800ක්

Mangala Samaraweeraහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ වත්කම ඩොලර් කෝටි 1800ක් (රුපියල් ට්‍රිලියන 2 දශම 2ක්) බවට අන්තර්ජාතික බුද්ධි අංශ මගින් සොයා ‍ගෙන ඇති තොරතුරු අනුව සැක කෙරෙන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ගණන් හිලව්වල නිවැරදිතාව තවම තහවුරු වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් සොයා ගෙන යන අතර ඒ සඳහා රටවල් හතරක විශේෂඥයන්ගේ තාක්ෂණික සහාය ලබා ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.