26042024Fri
Last update:Thu, 18 Apr 2024

ශ්‍රී ලංකා-පාකිස්තාන නව ගිවිසුම් 6ක්

sl pakමත් ද්‍රව්‍ය, මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන ද්‍රව්‍ය, ඒවා නිෂ්පාදනය කරන රසායන ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නවතාලීමට ඇතුළු සහයෝගිතා ගිවිසුම් දෙකකට සහ තවත් අවබෝධතා ගිවිසුම් හතරකට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ඊයේ (06) පකිස්තානු අග්‍රාමාත්‍ය නිවසේ දී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම් හයක් සඳහා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ආපදා කළමනාකරණ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් පකිස්තානු අගමැතිවරයාගේ විදේශ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සර්ටාජ් අෂීෂ්, ආරක්ෂක ඇමැති කච්චා මොහොමඩ්, අන්තර් පළාත් සම්බන්ධීකරණ ඇමැති රියාස් හුසේන් පීර්ෂඩා, වරාය හා නාවික කටයුතු ඇමැති තමිරාන් මයිකල් හා කාලගුණ විපර්යාස පිළිබඳ අමාත්‍ය මුෂධිඅල්ලා ඛාන් සමඟ ගිවිසුම් අත්සන් කෙරිණි. මෙම ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පකිස්තානු අගමැති නවාෂ් ෂරීප් යන මහත්වරුන් ඉදිරිපිට දී සිදු කෙරිණි.

මෙහිදී අත්න් කරන ලද සෙසු ගිවිසුම් මෙසේය. පකිස්තානයේ ජනතා ආරක්ෂක විශ්වවිද්‍යාල‍ය හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය අතර හුවමාරු හා සහයෝගිතා ගිවිසුම.  ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ දේශගුණික විපර්යාස පිළිබඳ අංශය අතර ආපදා කළමනාකරණය පිළිබඳ අවබෝධතා ගිවිසුම.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම. ලංකා නැව් සංස්ථාව හා පාකිස්තානයේ ජාතික නැව් සංස්ථාව අතර නාවික කටයුතු ආශ්‍රිත ව්‍යාපාර සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම. ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පරමාණු බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.