15102025Wed
Last update:Fri, 10 Oct 2025

ශ්‍රී දේහය මවුබිමට වැඩමකරවති

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්ව‍යේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමියන්ට ගෞරව කරමින් සෑම නිවෙසෙකම කහ කොඩියක් ඔසවා තබන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිවාස සඳහා කහ කොඩිය මෙන්ම සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කොට තබන ලෙස ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා ඉල්ලයි.

සිංගප්පූරුවේ ‍මවුන්ට් එලිසබෙත් රෝහලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ ඊයේ (8) අපවත් වූ අතර ඊයේ රාත්‍රියේම උන් වහන්සේගේ ශ්‍රී දේහය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත වැඩම කරවූහ. ගුවන් තොටුපළට වැඩම කරවූ මහානායක හිමියන්ගේ ශ්‍රී දේහය අනතුරුව නාරාහේන්පිට පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ගියහ.