20042024Sat
Last update:Thu, 18 Apr 2024

තුර්කි විදෙස් ඇමැති ජනපති - අගමැති හමුවෙයි

n 2 16ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තුර්කි විදේශ ඇමැති මෙවුලට් කවුසෝග්ලූ (Mevlut Cavusoglu) මහතා ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර අරලියගහ මන්දීරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ අයුරු.


මත මඬින්න මහා බළකායක්

President7aනීති විරෝධී ලෙස මෙරටට මත්කුඩු හා මත්ද්‍රව්‍ය ගෙන්වීම මුළුමනින්ම නැවැත්වීම සඳහා බුද්ධි අංශ බලධාරීන් ප්‍රධාන සියලු අංශ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විශේෂ වැටලීම් ඒකකයක් වහාම ස්ථාපිත කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව අද ඇරඹේ

mihintala tag 1ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව 54 වැනි වරටත් අද සිට ආරම්භ වෙයි.

වැට් නිසා ගාල්ලේ හර්තාල්

wetවැට් බදු වැඩිකිරීමට විරෝධය පළ කරමින් ගාල්ල නගරයේ කඩ සාප්පු වසා අද හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 

තුන් මසකට වරක් මුදල් කමිටුවට වාර්තාවක්

ranil5 1දේශිය හා විදේශීය බැඳුම්කර නිකුතුව පිළිබඳව සෑම තුන්මසකට වරක්ම මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ රජයේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු වුවද පසුගිය කාලය පුරාම බොහෝ මූල්‍ය කටයුතු සිදු වූයේ පාර්ලිමේන්තුව නොදැනුවත්වය. මූල්‍ය තීන්දු තීරණ පමණක් නොව ණය ගැනීම් සහ මූල්‍ය ගිවිසුම් අත්සන් කිරීම් ගණනාවක් පාර්ලිමේන්තුවට රහසේ සිදු කර තිබිණි. වරාය නගරය වැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කෙරුණේද පාර්ලිමේන්තුව අබිබවමිනි.

ගන්ධාර සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන විහාරස්ථාන

dhathu3 1024x681ගන්ධාර දේශයේ, තක්ෂිලා කෞතුකාගාරයේ තැම්පත්කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍ර‍දර්ශනය කිරීම සඳහා යෝජිත විහාරස්ථාන වල තොරතුරු ඇතුලත් ලේඛණය අප වෙත ලැබී තිබේ.

ජන පහන් සංවේගය උදෙසා අප එය මෙසේ පලකරනෙමු.

ගංවතුර මරණ 64යි, 430,000කට පීඩා

colombo 1ආපදා තත්ත්වය හේතුවෙන් ‍හාර ලක්ෂ තිස්දහසකට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇත. මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 64ක් වන අතර, හාරලක්ෂ තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටී. නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව ද 144 දක්වා ඉහළ ගොස් තිබේ.