16042024Tue
Last update:Mon, 04 Mar 2024

වැට් නිසා ගාල්ලේ හර්තාල්

wetවැට් බදු වැඩිකිරීමට විරෝධය පළ කරමින් ගාල්ල නගරයේ කඩ සාප්පු වසා අද හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 

ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇත.

ගාල්ල නගරයේ වෙළඳසැල් වලින් 85%ක් පමණ වසා දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගාල්ල ඔරොප්පුවත්ත ප්‍රධාන කාර්යාලය අසල සිට උදේ 10ට පෙළපාළියකින් බස් නැවතුම්පොළ දක්වා ගොස් විරෝධතාව පවත්වන බව ද විරෝධතාවයට ගාල්ල නගරය, ගිංතොට, කලේගාන, දෙවට, කරාපිටිය ආදී නගර සභා බල ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සේවක සේවිකාවන් ඇතුළු තුන් දහසක පමණ පිරිසක් එක්වන බවද වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සිරිල් ජයන්ත පවසයි.

වැට් බදු වැඩිවීමෙන් ව්‍යාපාරිකයන් පත්ව ඇති අපහසුතාවය රජයට දැනුම් දීමට මෙය සංවිධානය කළ බවත් මෙයින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවයට කනගාටුවන බවත් ජයන්ත පෙන්වා දෙයි.

වැට් බදු අනුපාතය වැඩි කිරීමට විරෝධය දැක්වීම සඳහා අද දිනයේදී වෙළදසැල් වසා දැමුණු බව එම වෙළදසැල් ඉදිරිපිට දැන්වීමක් තබා ඇත.