බඩු බෙදා හා මුදල් බලයෙන් ඡන්දය ලබාගැනීමේ උපක්‍රමය අදට වලංගු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. සහජීවනය යනු ඉන් එහාට ගිය මානුෂිකවාදී උත්තරීතර සංකල්පයකි. “විද්‍යා” පාසල් සිසුවියගේ නිවසට ජනාධිපති ෙමෙත්‍රීපාල සිරිසේන මහතා ගියේ සහජීවනය හා සංහිඳියාව කුමක්දැයි එතුමා ප්‍රායෝගිකවම දැනගෙන සිටි නිසාය. එය ජාතිවාදී පොල්කටුවකින් වසා තැබිය නොහැක. යමෙක් එසේ ක්‍රියාකරන්නේ නම් එය අසාර්ථක උත්සාහයකි.
“අපට අපේ දරුවා නැති වුණා. එය අපේ සිතින් කිසිදිනක මැකී යන්නේ නැහැ. එහෙත් යම් දුරකට එම දුක තුනී කරගැනීමට ද හේතුවක් දැන් අපටත්, උතුරේ මිනිස්සුන්ටත් තිබෙනවා. ඒ තමයි අපව බලාගැනීමට නායකයෙක් සිටින එක.”
සිය නිවසට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා මෙම ප්‍රකාශය කළේ පසුගියදා යාපනයේ දී සමූහ දූෂණයකින් අනතුරුව මරා දමන ලද පාසල් සිසුවියක වන විද්‍යාගේ මෑණියන්ය. එම මවුපියන් කිසි දිනෙක මෙම සිදුවීම අරභයා රටේ නායකයා තම නිවසටම පැමිණ සිය සංවේගය ප්‍රකාශ කරනු ඇතැයි කල්පනා නොකළේ ය.
ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ තමන්ට ද දියණියන් සිටින නිසා මෙම සිදුවීමේ කම්පනය තමන්ට ද හොඳින් දැනුණු බවයි. එසේම එතුමා මෙම සංචාරයේ යෙදුණේ පූර්ව ප්‍රචාරයකින් හෝ දැනුම් දීමකින් තොරව ය. ඒ සම්බන්ධයෙන් එතුමා සමඟ එම නිවසට පැමිණි ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවා ජනාධිපතිවරයාගේ පැමිණීම කල්වේලා ඇතිව දැන සිට නැත. එසේම දැන් අපේ දුක සැප සොයා බැලීමට අපට ද නායකයෙක් සිටින බව විද්‍යාගේ මවුපියන් සඳහන් කළේ එම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා ඉදිරිපිටදීම ය.
මේ සිදුවීම යළි අපේ මතකයට ආවේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සුවිශේෂී කතාවට සවන් යොමු කිරීමේදීය. මෙහිදී තවත් විශේෂත්වයක් වූයේ ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ද එම වැය ශීර්ෂය සම්බන්ධයෙන් කතා කිරීමය.
අසමඟියට හේතු
පවතින වාර්ගික අසමඟියට මුල් වූයේ ජාතීන් අතර සංහිඳියාව නොමැතිකමයි. එය නිදහස ලැබූ දා සිටම අප මුහුණ දෙන ප්‍රශ්නයකි. මේ නිසා දරුණු බෙදුම්වාදී සිවිල් යුද්ධයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. 2009 මැයි 18 වැනිදා යුද ජයග්‍රහණයකින් කෙළවර වූයේ එම බෙදුම්වාදයට අදාළ සිවිල් යුද්ධයයි. එහි ගෞරවය හිටපු ජනාධිපතිතුමාට එදා පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, විශේෂයෙන් යුද බිමේ සටන් වැදුණු රණවිරුවන්ට හිමි වේ.
එහෙත් වාර්ගික අසමඟිය හා සංහිඳියාවට අදාළ කාරණා යුද්ධයකින් කෙළවර වන්නේ නැත. “අපට (හමුදාවට) යුද බිමේදී එය අත්කර ගන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයට විසඳුම් දේශපාලනඥයන් සොයාගත යුතුයි.”
එදා වඩමාරච්චි යුද මෙහෙයුමට පෙර හිටපු හමුදා නායකයකු වන ඩෙන්සිල් කොබ්බෑකඩුව ජාත්‍යන්තර “ටයිම්” සඟරාවට ප්‍රකාශ කළේ එලෙසිනි. ඉන් පැහැදිලි වන්නේ හමුදාවේ කාර්ය අවසන් වූ පසුව ජාතීන් අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි. එය සංහිඳියාවයි.
2009 ජයග්‍රහණයෙන් පසුවද අප නොකළේ එයම ය. සංහිඳියාව යනු යුද බිමක ජයග්‍රහණයෙන් අනතුරුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හෝ ඡන්ද පැවැත්වීම නොවේ. එහෙත් බිම්බෝම්බ ඉවත් කිරීම යටිතල පහසුකම් සංවර්ධනය හා අදාළ ප්‍රදේශවල ජනයා නැවත පදිංචි කිරීම අවශ්‍ය නොවේ යැයි මින් අදහස් වන්නේ නැත. ඒවායින් පමණක් අදාළ පාර්ශ්වයන් සෑහීමකට පත් නොවේ.
ඔවුනට තම ප්‍රදේශවල වැඩ කටයුතු කරගෙන යෑමට යම් දේශපාලන බලයක් සමඟ සහජීවනයක් ද අවැසිය. පරිපාලනයට ද හමුදා නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් පරාජිතයන් ඉදිරියේ හමුදා බලමුළු හා කඳවුරු ශක්තිමත් කිරීම වනාහී සහජීවනයට අතවැනීමක් නොවේ. සංහිඳියාව ද නොවේ. කැනඩාවේ සරුසාර බවින් ආඪ්‍යම ප්‍රදේශයක් සේ “කියුබෙක් ප්‍රාන්තය” සැලකේ. එහෙත් වෙන්වීම උදෙසා පැවැති ජනමත විචාරණය පරාජයට පත් වූයේ අනූනවයෙනි. යටිතල පහසුකම් සංවර්ධනය, සරුසාර බව පමණක් සහජීවනයට හා සංහිඳියාවට හේතුවක් නොවන බව මින් පැහැදිලි ය.
බිඳුණු හදවත් ජය ගැනීම
බිඳුණු හදවත් ජයගත යුත්තේ ඒ නිසාමය. 2009 පසුවද අප කල්පනා නොකළ සාධකය සංහිඳියාවයි. දේශපාලන වශයෙන් එහි ප්‍රතිඵල පසුගිය ජනාධිපතිවරණයේදී පැහැදිලිවම දක්නට ලැබුණි. දැන්වත් එය තේරුම් බේරුම් කර ගැනීම වැදගත් ය. බඩු බෙදා හා මුදල් බලයෙන් ඡන්දය ලබාගැනීමේ උපක්‍රමය අදට වලංගු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. සහජීවනය යනු ඉන් එහාට ගිය මානුෂිකවාදී උත්තරීතර සංකල්පයකි. “විද්‍යා” පාසල් සිසුවියගේ නිවසට ජනාධිපති ෙමෙත්‍රීපාල සිරිසේන මහතා ගියේ සහජීවනය හා සංහිඳියාව කුමක්දැයි එතුමා ප්‍රායෝගිකවම දැනගෙන සිටි නිසාය. එය ජාතිවාදී පොල්කටුවකින් වසා තැබිය නොහැක. යමෙක් එසේ ක්‍රියාකරන්නේ නම් එය අසාර්ථක උත්සාහයකි.
“ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ නායකයකු කළ ප්‍රකාශයක් මේ අවස්ථාවේදී මගේ මතකයට නැඟේ. දේශපාලන තක්කඩින්ගේ අවසාන තිප්පොළ දේශප්‍රේමය බව එතුමා පැහැදිලි කර තිබෙනවා. මේ ගරු සභාවේදී මම ඒ කතාව සිහිපත් කරනවා. දේශප්‍රේමය තිබිය යුත්තේ මේ රට තුළ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා ගෙන නිදහස් සාමකාමී රටක් විදියට අපි සියලු දෙනා වැඩ කිරීමේ පසුබිමක් ඇතිකිරීමටයි. (ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 6-12-2015 පාර්ලිමේන්තුවේදී)
ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ජනවාරි 8 වැනිදා ඇරඹුණේ අප සියලු දෙනා නිදහස් සාමකාමී රටක් ලෙස එකට වැඩ කිරීමේ යුගයක් බවය.
“ගෙවී ගිය වසර 6 ක කාලය ගත් විට පශ්චාත් යුද සමයක රජයක් විදියට කළ යුතු කාර්යයන් ඉටු නොවීම පිළිබඳ ප්‍රශ්නයට අපි අද මුහුණ දී තිබෙනවා...”
“පුළුල් සංවර්ධනයක් ලෙසින් භෞතික සම්පත් කොතෙක් දුරට එම ප්‍රදේශවල ව්‍යාප්ත වුවත් යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින ජනතාව මනසින් සතුටට පත් නොවීම උතුරේ හා දකුණේ ජනතාව අතර සැකය ඇතිවීම, ආරක්ෂක හමුදා කෙරෙහි වෛරය ඇතිවීම ආරක්ෂා හමුදා හා පොලිසිය පිළිබඳ ඒ ප්‍රදේශවල ජනතාවට තිබූ මානසික පීඩනය ඉවත් නොවීම ආදී ගැටලු සඳහා නිසි පිළිතුරක් නොලැබීම තුළ ජාතික සංහිඳියාව පිළිවෙතක් ශක්තිමත්ව ගොඩනැඟීමේ ගැටලුවට ප්‍රධාන වශයෙන් අප මුහුණ දෙනවා.”
“2015 ජනවාරි මාසයේ 9 වැනිදා හිරු උදා වූයේ පශ්චාත් යුද සමයක කළ යුතු ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමේ වගකීම රටේ ජනතාව විසින් අලුත් ආණ්ඩුවකට බාරදෙමින් කියන එක මා දැඩි ලෙස විශ්වාස කරනවා.” (ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී)
“වසර ගණනාවක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරවල පසුවන එල්. ටී. ටී. ඊ. සැකකරුවන්ට ඇප ලබාදීම හා ද්‍රවිඩ ඩයස්පෝරාවට අයත් තහනම් කරන ලද සංවිධාන කීපයක තහනම ඉවත් කිරීම මේ දිනවල සමහර අයගේ විවේචනයට ලක්ව තිබේ. එම විවේචනය එල්ල කරනු ලබන පුද්ගලයන් හා සංවිධාන දෙස බලන විට එය පැහැදිලිවම අන්තවාදී සංවිධාන ලෙසින් දකුණේ තහවුරු වෙමින් පවතින බවට සැකයක් නැත.
පටු අරමුණු
දේශ ප්‍රේමය, අන්තවාදී වීමට හේතුවක් වන්නේ නැත. එහෙත් දේශප්‍රේමය වර්ගවාදීව කල්පනා කරමින් ජාතීන් අතර සුහදතාවයට හා සහජීවනයට බාධකයක් ලෙසින් හැසිරෙන්නේ නම්, එය ප්‍රශ්නයකි. එය හුදෙක්ම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුවන්නකි. පසුගිය සමයේ මේ පිරිසට රටේ රාජ්‍ය බලය දැරීමේ වගකීමක් ඇති, එසේම රාජ්‍ය බලය දරා තිබෙන දේශපාලන ධාරාවක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පවා තම අත්අඩංගුවේ තබාගැනීමට හැකි වීම එක්තරා විදියකට ඔවුන් ලද ජයග්‍රහණයකි. පසුගිය ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය සමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමත් සමඟම මේ රටට නායකත්වයක් දෙන ප්‍රධාන දේශපාලන ධාරාවක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉන් මිදී තිබෙන බව පෙනේ.
එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ඇප මත පමණක් නිදහස් වීම හා සමහර සංවිධානවල තහනම ඉවත් වීම විමසිල්ලට භාජනය කළ යුත්තේ මෙවන් පසුබිමකය. මෙය අලුත් දෙයක් නොවේ. පසුගිය රජය යටතේ ද අභයදානය ලැබූ එල්. ටී. ටී. ඊ. නායකයෝ සිටිති. ඒ අතර එල්. ටී. ටී. ඊ. යේ නියෝජ්‍ය නායකයෙක් මෙන්ම නැෙඟනහිර පළාතේ සන්නද්ධ අංශයේ නායකයාව සිටි කරුණා අම්මාන් පසුගිය ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක් බවට ද පත් විය.
නැඟෙනහිර පළාතේ හිටපු මහ ඇමැති පිල්ලෙයාන් ද තවත් එල්. ටී. ටී. ඊ. නායකයෙකි. ප්‍රභාකරන්ගෙන් පසු එල්. ටී. ටී. ඊ. නායකත්වය බාරගත් කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන්ට අද උතුරේ රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙයවීමෙන් ජීවත්වීමට අවසර ලැබී තිබේ. නීතිපතිවරයා සඳහන් කරන්නේ ඔහුට එරෙහිව නඩු පැවරීමටවත් කාරණා ගොනු වී නොමැති බවයි. එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදී යුද්ධයට ජාත්‍යන්තර වශයෙන් ආයුධ හා මුදල් එක්රැස් කිරීමේ ප්‍රසිද්ධ චෝදනාවේ පළමුවැනි වගඋත්තරකරුවා කේ. පී. ලෙසින් සැලකේ. මේ කේ. පීත් අද ජීවත්වන්නේ එළිමහනේය.
මීට අමතරව එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරීත්වයට සම්බන්ධ විවිධ සැකකරුවන් 13,000 ක් පමණ මේ වන විට පුනරුත්ථාපනය කර නිදහස ලබා සමාජගතව සිටී. ඒ අතරේ ද දරුණු ගණයේ මිනීමැරුම් චෝදනා සහිත එල්. ටී. ටී. ඊ. සැකකරුවෝ ද සිටිති. මේ පිරිස අතර පසුගියදා පිළිකාවකින් මිය ගිය කමලනී, එල්. ටී. ටී. ඊ. යේ කාන්තා සන්නද්ධ අංශයේ නායිකාවයි. මේ සියල්ල නිදහස් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය සමයේ ය.
නිදහස් වූ සැකකරුවන්
මීට අමතරව පසුගිය 2010-01-22 හා 2010-01-25 කාලය තුළ හිටපු නීතිපතිවරයකු වූ ද පසුව අගවිනිසුරු බවට පත් වූ මොහාන් පීරිස් මහතාගේ අනුමැතියට යටත්ව තවත් එල්. ටී. ටී. ඊ. සැකකරුවෝ 95 දෙනකු ඇප මත නිදහස ලැබූහ. මේ පිරිසට නඩු අංක 22 ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනෙත් 67 (1) ප්‍රතිපාදන යටතේ ඇප ලබාදෙන මෙන් නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව පැහැදිලිය. මින් මුලරිසිවඥානි මුටරිස, නඩරාජා, සිවරාසා වැනි දරුණු ගණයේ අපරාධකරුවෝ ද වූහ. මේ සියල්ල සිදුවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ය.
එදා අද කෑගසන කිසිවෙක් ඊට එරෙහිව මොර දුන්නේ නැත. ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි සඳහන් කළේ ද නැත. එල්. ටී. ටී. ඊ. යට පක්ෂපාතී ඩයස්පෝරාව පිනවීමට කළ දෙයක් ලෙස ජනතාව කුපිත කිරීමේ ප්‍රකාශ නිකුත් කළේ නැත. එසේ නම් මහින්දගේ පාලනය යටතේ සිදු වූ දේ ඊට වඩා අඩු මට්ටමින් මෛත්‍රී පාලනය යටතේ සිදුවන විට කෑ ගසන්නේ යළි මේ රට තුළ ජාතිවාදය උස්සන්න කර බෙදුම්වාදී යුද්ධයකට රට යොමු කිරීමකටදැයි කියන්න දන්නේ නැත.
එදා මහින්ද රාජපක්ෂ යුගයේ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් පුනරුත්ථාපනය වූයේ ද ඇප පිට නිදහස ලැබුවේ ද බුද්ධි අංශ, අධිකරණය හා ඊට අදාළ පාර්ශ්වයන්ගේ නිර්දේශ පදනම් කර ගනිමිනි.
එසේ නොමැතිව ආණ්ඩුවේ දේශපාලන වුවමනාවට නොවේ. අද සිදු වන්නේ ද එයම ය. පසුගියදා ඇප මත නිදහස් කළ පිරිස වසර 5, 10 චෝදනා රහිතව හා චෝදනා ඉදිරිපත් කිරීමේ පසුබිමක් නොමැතිව රඳවා තබාගෙන සිටින පිරිසකි. මේ පිරිසට ඇප ලබාදීම වුවද සිදුවූයේ නීති අංශවල නිර්දේශ මත ය. එහෙත් අදාළ නඩු ඉවත් කර ගැනීමක් ඉන් සිදු නොවේ.
ක්‍රියාවලිය පෙර පරිදිමය. එදා සිදුවන විට රටේ අවශ්‍යතාවය, හා අද සිදුවන විට ඩයස්පෝරාවේ බෙදුම්වාදී අවශ්‍යතා යනුවෙන් ආකාර දෙකක් දක්නට නොලැබේ. එසේ ඇතැයි සඳහන් කිරීම රටේ ගොඩනැඟෙමින් පවතින සහජීවනයට හා ජාතික සමඟියට හානිදායක ය. එසේම සිංහල බෞද්ධකමට ද පටහැනිය.