පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම
ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරයට හිමි මුදල සම්පූර්ණයෙන්ම ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26)පැවැසීය. පොහොර සහනාධාරය ලෙස ගොවින්ට සහනාධාරයෙන් අඩක් ලබාදීමට කිසිදු අදහසක් නොමැති බව ද අගමැතිවරයා සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අය-වැය විවාදය අතරතුර දී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත් සොයිසා මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.