17072024Wed
Last update:Wed, 08 May 2024

ජල,විදුලි හා දුරකතන ගාස්තු වැඩි නැහැ

electricity bill 1වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල,විදුලි හා දුරකතන සේවා ගාස්තු වැඩි නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.


තිරසාර සංහිඳීයාවක් සඳහා නව රජයේ කැපවීම පැහැදිළියි – එ. ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනී

President Power0123 1140x705රට තුළ තිරසාර සංහිඳීයාවක් ඇති කිරීම සහා පසුගිය මාස 10 තුළ නව රජය කළ කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් මහත්මියගේ ඇගයීමට ලක් වෙයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකට බැඳුණු සුහඳ හා මිත්‍රශිලි සබඳතාවක්

23112015 130927340174108475 sslජනපති මෛත්‍රී මාතලේ දී කියයි

ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතරේ වසර දහස් ගණනක් පවතින සම්බන්ධතාවය ආර්ථික හා සමාජිය යන සියලු අංශවලින් එකට බැඳුණු සුහඳ හා මිත්‍රශිලි සබඳතාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාතලේ දී පැවැසීය.

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට සූදානම්

ranil wickremesinghe Nov24අගමැති රනිල් කියයි

ඉන්දීය සාගර කලාපීය ආරක්ෂක ගැටලු විසඳා ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සමන්විත බහු පාර්ශ්වික සංවාද මණ්ඩපයක් පිහිටුවීමේ කාර්යයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාලු කථිකාව ඇරඹෙයි

gaalu ktikaav 2 0රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව (Galle Dialogue) අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද ගාල්ල, ලයිට් හවුස් හෝටලයේදී ආරම්භ විය.

අධ්‍යාපනයට වෙන් කළ විශාලම මුදල මෙවර

President7aඅධ්‍යාපනයට මෙතෙක් කිසිදු ආණ්ඩුවක් වෙන් නොකළ විශාල මුදලක් 2016 අය-වැය තුළින් අලුත් ආණ්ඩුව වෙන් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එය පසුගිය දශක කිහිපය තුළ වාර්ෂිකව වෙන් කළ මුදලට වඩා හතර ගුණයකින් වැඩි බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පෙරේදා (21) එක් වෙමිනි.

වාහන පර්මිට් අහෝසියි

hora1වසරකට කෝටි 4000ක ඉතිරියක්

පාර්ලිමේන්තු පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ ඉහළ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට ලබාදුන් බලපත් අ‍හෝසි කිරීමෙන් රජයට වසරකට රුපියල් කෝටි හාරදහසක මුදලක් ඉතිරි කර ගත හැකි බවට ඇස්තමේන්තුකොට තිබේ.