17072024Wed
Last update:Wed, 08 May 2024

වාහන පර්මිට් අහෝසියි

hora1වසරකට කෝටි 4000ක ඉතිරියක්

පාර්ලිමේන්තු පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ ඉහළ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට ලබාදුන් බලපත් අ‍හෝසි කිරීමෙන් රජයට වසරකට රුපියල් කෝටි හාරදහසක මුදලක් ඉතිරි කර ගත හැකි බවට ඇස්තමේන්තුකොට තිබේ.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඉකුත් සිකුරාදා ඉදිරිපත් කළ සම්මුතිවාදී රජයේ මංගල අය වැයෙන් මේ සහනදායී බලපත් ක්‍රමය අහෝසි කිරීමට කළ යෝජනාවට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබී ඇත.

සහනදායී බලපත්‍ර ක්‍රමය දේශපලනීකරණය වී ඇති අතර බෙහෙවින් අවභාවිතා කර ඇතැයිද ඇමතිවරයා මේ අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට සහ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන්ට මෙතෙක් කලක් හිමිව තිබූ සහනදායී වාහන ආනයන බලපත් ක්‍රමය භුක්ති විඳීමේ ප්‍රතිලාභය අහිමි වනු ඇත.

කෙසේ නමුත්, මේ යෝජනාව යටතේ එම සහනය ලබා ගැනීම අහිමි වී ගිය රජයේ නිලධාරීන්ට එම ප්‍රතිලාභය අහිමිවීම වෙනුවෙන් මුදල්මය සහන ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව රවී කරුණානායක මහතා කීය. ලබන වසරේ ජනවාරි 01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බැ‍ඳෙන අයට මෙම ගෙවීම අදාළ නොවන බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය. මෙලෙස ඉතා අභියෝගාත්මක තීන්දු තීරණ ගත් මෙවර අය වැයෙන්, රජයට මිල දී ගන්නා සියළුම වාහන සඳහා අදාළ සියලු බදු ගෙවීමට කටයුතු කළ යුතු බවද යෝජනා කොට තිබේ.