17072024Wed
Last update:Wed, 08 May 2024

ජල,විදුලි හා දුරකතන ගාස්තු වැඩි නැහැ

electricity bill 1වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල,විදුලි හා දුරකතන සේවා ගාස්තු වැඩි නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.අලි හසන් උපුටා දක්වමින් මාධ්‍ය වෙත නිකුත්කර ඇති ලිපියේ මේ බව සදහන්.

එහි තවදුරටත් දැක්වෙන් පරිදි මෙසේය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද 2016- අය වැය මගින් මෙතෙක් තනි අනුපාතික අගයෙන් යුක්තව පැවති වැට් බද්ද කාණ්ඩ තුනකට වෙන්කිරීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල අඩුවන අතර එමගින් ජලය, විදුලිය හා විදුලි සංදේශ කෙෂ්ත්රෙවල කිසිදු ගාස්තු වැඩිවීමක් සිදු නොවේ.

මෙතෙක් සියයට 11 % ක් ලෙස තනි අගයකින් පැවති වැට් බද්ද අය වැය මගින් සියයට 0%, සියයට 12.5 % සහ සියයට 8% වසයෙන් වර්ගීකරණය කර ඇති අතර තොග සහ සිල්ලර වෙලඳාම මුලුමනින්ම වැට් බද්දෙන් නිදහස් කර ඇත.

ඒ අනුව මෙතෙක් සියයට 11% ක වැට් ගෙවීමට යටත් ව තිබූ තොග සහ සිල්ලර වෙළඳාම වැට් වලින් ඉවත් කිරීමෙන් අය වැය මගින් මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අමතරව අන් සියලු භාණ්ඩවල මිලෙහි විකුණූම් මිල විවෘත වෙළඳ පොලේ අඩුවිය යුතුය.

තවද රාජ්‍ය මැදිහත්වීම් මත පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය සේවාවන් වන ජල සැපයුම හා විදුලිය සැපයුමට අමතරව විදුලි සංදේශ සේවාවන්ද වැට් වලින් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානාය පැවසීය.

එබැවින් එම සේවා සැපයීම් සඳහා පාරිභොගිකයන්ගෙන් කිසිදු වැට් අය කිරීමක් සිදු නොවන බැවින් එම සේවා ගාස්තුවල කිසිදු වැඩිවීමක් සිදුනොවන බව මුදල් අමාත්‍යංශය අවඩාරණය කරයි.

ආනයනික භාණ්ඩ හා දේශීයව නිශ්පාදනය කරන භාණ්ඩ වලට මෙතෙක් අය කරන ලද සියයට 11 % වැට් බද්ද අය වැය මගින් සියයට 8% දක්වා අඩු කර ඇති බැවින් සියලු ආනයනික භාන්ඩවල මිල ද ඉදිරියේදී අඩුවනු ඇත.

එහෙයින් මෙම අය වැය මගින් වැට් බදු සංශෝධනය හේතුකොටගෙන ජලය විදුලිය හා විදුලි සංදේශ සේවා සැපයුම් වෙනුවෙන් පාරිභෝගික ජනතාවගෙන් අය කරනු ලබන ගාස්තුවල වැඩිවීමක් සිදු වනු ඇතැයි ඇතමුන් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැත.