17072024Wed
Last update:Wed, 08 May 2024

ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකට බැඳුණු සුහඳ හා මිත්‍රශිලි සබඳතාවක්

23112015 130927340174108475 sslජනපති මෛත්‍රී මාතලේ දී කියයි

ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතරේ වසර දහස් ගණනක් පවතින සම්බන්ධතාවය ආර්ථික හා සමාජිය යන සියලු අංශවලින් එකට බැඳුණු සුහඳ හා මිත්‍රශිලි සබඳතාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාතලේ දී පැවැසීය.

ජනාධිපතිවරයා එලෙස සඳහන් කළේ මාතලේඉදිවූ මහත්මා ගාන්ධි ජාත්‍යන්තර ශාලාව ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

අප බෞද්ධයන් වශයෙන් බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය හරහා මේ දෙරටේ එකතුවිමත් තවත් පැත්තකින් හින්දු ආගමික සංස්කෘතියත් තුල ඉන්දියාව හා ශ්‍රි ලංකාව හින්දු සමාජයේ එක්විමත් ඒ ආධ්‍යත්මික පදනම තුළ ප්‍රධාන කැපි පෙනෙන අවස්ථාවක්.මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨ මානව හිතවාදියකු මහා අහිංසාවාදියෙක්. මහත්මා ගාන්ධි ඉන්දිය සමාජය වෙනස් කරන්නට මහා ප්‍රබල චරිතයක් ලෙස නැගි සිටි යුග පුරුෂයෙක්. අදත් අප මහත්මා ගාන්ධි ගැන කතා කරන්නෙත් ඉතාම ගෞරවයෙන් යුතුවයි.

ඉන්දියාව ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්වෙලා තිබුණු ඒ යටත් විජිත සමය තුල ඉන්දිය ජාතික නායකයන් වගේම ශ්‍රි ලංකික නායකයන් ඒ යුගය තුල තම රටේ නිදහස් අරගලයන් සඳහා එදා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කළා.

1947 බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස ලබා ගැනිමෙන් ඊට වසරකට පසුව ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනිමත් අප දන්නා කරුණක්. ඒ ඓතිහාසික පසුබිම තුල මෙහි තිබෙන්නාවු මතක සටහන් අපේ රට සහ ඉන්දියාව අතර තිබෙන

සංස්කෘතික සම්බන්ධතාවය හා සමාජිය ආර්ථික සම්බන්ධතා තුල සැමවිටම ඓතිහාසික පදනම වෙලා තිබිමත් සියල්ල හා සමඟ වඩා පැහැළිවු අවස්ථාවන් පවා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව යටත් විජිත වාදිව විරුද්ධව ඉන්දිය නායකයන් එදා ගෙන ගිය අරගලය අපේ රටේ ජාතික නායකයන් ප්‍රබල ශක්තියක් වුනා. ඒ නිසා ඉන්දීය නායකයන් ගේ අරගලය ප්‍රධාන වශයෙන් අපේ රටටත් නිදහස ලබා ගැනිම සඳහා සහ අපේ රටේ එවකට සිටි ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍ර නායකයන් විශාල ශක්තියක් සහ ප්‍රධාන වශයෙන් මඟ පැදිමක් උනා.

ඉන්දියාව ශ්‍රි ලංකාව ඓතිහාසික සංස්කෘතික වශයෙන් බැදි සිටින පිරිසක් විදිහට කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැ. ඒ වගේම ඉතාම පැහැදිළිව දන්නවා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබිමෙන් පසුව ශ්‍රි ලංකාව ඉන්දියාව අතර බැදිම වඩ වඩාත් ශක්තිමත් උනා. ඒ ඓතිහාසික පදනම තුළ වඩාත් ජාත්‍යන්තරය සමඟ හික්මිමක් තිබෙන කැපි පෙනෙන සිද්ධියක් බවට කාගෙත් මතකයේ තිබෙනවා‍.

ගෙවි ගිය දශක කිහිපය තුල අපේ රටේ සංවර්ධනයට ඉන්දියා රජය හා ජනතාව ලබා දුන්න සහයෝගය ද අගේ කරන බවද පැවසීය. ත්‍රස්තවාදින්ගේ යුගයේ පැවැති කාලය තුලත් විශේෂයෙන් මේ රටේ සාමය ඇති කරන්න, යුද්ධය අවසන් කරන්න ඉන්දිය රජය දුන්න සහයෝගය අපේ මතක සටහන්වල තිබෙනවා. ඒ නිසා අපට සියලු සම්බන්ධතාවයන් තුළ දෙරටේ තිබෙන මිත්‍රශිලි බව වගේම සැමවිටම සංවර්ධනයට ලැබුනාවු සහයෝගය අනුග්‍රහය වගේම අන්තර්ජාතික කටයුතු වලදි ඉන්දියාව අපට සැම විටම සහයෝගය ඉතා අගය කරනවා.

අප අසල්වාසින් වශයෙන් මිත්‍රශීලී ලෙස ජාත්‍යන්තර සබදතාවලදි ශ්‍රි ලංකාවේ ශක්තියට ඉන්දිය රජය සැමවිටම පෙනී සිටිමින් කටයුතු කළා. ඉන්දියා රජය සැම විටම මේ රටේ සංවර්ධනය සදහා පුළුල් පරිත්‍යාග කර තිබෙනවා.

තවත් ප්‍රතිඑලයක් වශයෙන් මාතලේ ගාන්ධි හෝල් සහ ගාන්ධි පිලිරුවක් ස්ථාපනය කළා. ඉන්දීය රජයට ස්තුති පුද කරනවා. පසුගිය කාලයේ සිට අද දක්වාම ප්‍රධාන වශයෙන් යුද්ධයෙන් අවතැන් වුවන් සඳහා නිවාස සහ සෞඛ්‍ය සනිපාරක්ෂක කටයුතුවලදීත් උතුරු නැගෙනහිර ජනතාවට ඉන්දිය රජය ආධාර උපකාර කළා. සෞක්‍ය අංශයට ලබා දුන්න සහයෝගය ඉතාම අගේ කරන අතර නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන් දික්ඔය සංවර්ධනය කරන්නත් අවශය තාක්ෂණය ආදියත් ලබාදිල අංග සම්පුර්ණ ලෙස රෝහලක් හදන්න කටයුතු කළා .

මහත්මා ගාන්ධි ඒ යුගයේ සිටි ප්‍රබල මානවවාදියෙක් අහිංසා වාදියෙක් ජාත්‍යන්තර වාදියෙක් විශ්ව මිනිසෙක් ලෙස කටයුතු කරන ලද ප්‍රකාශනයන් තුල කියා තිබෙනවා. ගාන්ධි චරිතය ඉතාම අගේ කරනවා පාසල් ජිවිත කාලයේ ඉඳලම නිදහස ලැබුණා. සැමවිටම කියන්නට පුරුදු උනා.

මුළු මහත් ලෝකයම සමානාත්මතාවය ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍ය අයිතිවාසිකම් රකින සියලු ජන කොටස් වලට සියලු දේ යහපාලන නායකයන්ට සියලු දේශපාලන පක්ෂ වලට ඉතා ඉහළම ආදර්ශයක් දෙන්නේ බලය පිළිබදව විශේෂයෙන්ම බලය තමන් වෙත තබා ගන්නෙ නැතිව බලය පරිත්‍යාග කිරීම පිලිබදව ලෝක ඉතිහාසයේ මහත්මා ගාන්ධි චරිතය තරම් වටිනා චරිතයක් නැහැ.

ඉන්දියා නිදහස් අරගලය බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව එදා නායකයන් සමග සටන් කරලා. බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාවට නිදහස ලබාදෙන්න කියන පණිවිඩය ඉන්දිය නායකයින්ට දුන්නාම එදා මහත්මාගාන්ධි සමකාලින නායකයින් වශයෙන් හිටපු සැම කෙනාටම කැදවලා බ්‍රතාන්‍ය රජය අපට නිදහස දෙනවා කියලා.

ඒ නිදහස ලබාදෙන්න භාරත මහ රාජ්‍යට ස්වයංපාලනයක් කියායි . ඒ වෙලාවේ මෙතෙක් නායකයන් මහත්මා ගාන්ධිතුමාට නායකත්වය ගන්න කියලා ආරාධනා කළා.නමුත් තනතුරු භාර ගත්තේ නෑ සමහර සමකාලින නායකයින් සමඟ කතා ඒ අයට කිව්වා තමන් කැමැති නායකයෙක් තොරාගන්න කියලා. බලය ප්‍රතික්ෂේප කළා. එවැනි ජාතික අරගලයක් ගෙනගිය විශ්ව මිනිසෙක් සැබැ මිනිසෙක්.

ජාත්‍යන්තර අහිංසාවාදි නායකයෙක්. ඒ පරිත්‍යා‍යගය මුළු මහත් ලෝකයාටම මානව ඉතිහාසයට ම සටහන්වෙලා තිබෙන ප්‍රබුද්ධ චරිතයක්. මෙවැනි උතුම් නායකයකුගේ ජිවිතයේ අවස්ථාවලදි සැබැ මානව හිතවාදියා ආගමික වශයෙන්, අප බෞද්ධයන් වශයෙන් සඳහන් කලොත් බුදුන්වහන්සේගේ

චරිතයෙන් පසුව අප මැත යුගයේ ඇතිවුන දෙැවනිවු චරිතයක් මහත්මාගාන්ධි කියන්නේ. ඉතාම පැහැදිලි ලෙසම දේශපාලන නායකයෙක් නෙවෙයි. අහිංසාවාදියෙක්. එතුමා මුළු මහත් ලෝකයාටම සමාජයටම ගරුකළ ඉන්දියාවේ කුලභේදයට දුගි භාවය පන්ති භේදය බෙදිම් සියල්ල පහකළ පුද්ගලයෙක්.

ඉන්දියන් සමාජයේ කුලහිනයන්යැයි සලකන පිරිසක් ඇන්ද ඇදුම තමයි අදත් අදින්නේ. ඒ ආදර්ශය දිල තිබෙනවා. රටේ දේශිය දේ සියල්ල අතර උරුමයන් දේශිය ජනතාව ලබාගත යුතු බව දැනුමක් දෙමින්

බුදුසමය තුල මහත් පරිවර්තනයක් කරන්න එතුමා කටයුතු කළා. එතුමාගේ ජිවිතය මල් කලඔක් දුන් පුද්ගලයෙක් අතින් විනාශ උනා. මේ සමාජය කොතරම් කුරිරුද එවැනි සැබැ මිනිසුන්ට සලකන ආකාරය. එදා වගේම අදත් ඒ ආකාරයටමයි තියෙන්නේ.

මිනිසුන් වශයෙන් ජිවත්වන්නට ප්‍රතිවාදි සමාජයක් ගොඩ නගන්නට සැබැ මානවවාදි ජනයා ට නිදහස ලබාදෙන්නට කුල වාදය ගෝත්‍රවාදය සමාජයෙන් ප්‍රතික්ෂෙප කරලා සැම මිනිසෙකුටම එක වගේ ජිවත්විය යුතුයි කියන ඒ මහත්මා ගාන්ධිතුමාගේ මහා දර්ශනය අපට අදත් හෙටත් මුළුමහත් මානව සමාජයේ කිසිතැනක අමතක නොකලහැකියි.

මෙම අවස්ථාව සඳහා ඉන්දිය මහකොමසාරිස් වයි කේ සිංහා මහතා ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ, මාතලේ නගරාධිපති හිල්මි කරිම් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය

සරත් ඒකනායක මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහතමිය ඇතුව විශාල පිරිසක් සහභාගි වුහ.