17072024Wed
Last update:Wed, 08 May 2024

අයවැය 2016

ravi karunanayake22016 වසර සඳහාවන අයවැය යෝජනාවලිය මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. 


විද්‍යාත්මක පර්යේෂණ දියුණු කිරීමට සහාය ලබා දෙනවා

President Scienceමෙරට විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වෙනුවෙන් පැවැති ආණ්ඩු වෙන් කළ මුදල් සහ ලබාදුන් සහායන් පිළිබඳ තමා කිසිසේත් සෑහීමකට පත් නොවන බවත් එහෙයන් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල ඉහළ නංවා භෞතික සහ මානව සම්පත් පුළුල් කිරීමට අලුත් ආණ්ඩුව ක්‍රයා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

බුදු දහම බෙදන කේන්ද්‍රස්ථානය බවට සාංචිය පත්කරමු

Thiniyawala Palitha Theraශ්‍රී ලංකාවේ සංස්කෘතියට හා ශිෂ්ටාචාරයට මුල පිරුණේ සාංචි පුද බිම හරහා බැවින්, යළිත් මුළු මහත් ලෝකයටම බුද්ධ ධර්මය බෙදා හරින කේන්ද්‍රස්ථානයක් බවට සාංචිය පත් කරලීම සඳහා දායකත්වය ලබා දීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක් බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ නියෝජ්‍ය මහලේකම්, චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති සහ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සාංචි පු‍ණ්‍යමහෝත්සව සංවිධායක කමිටුවේ විශේෂ රැස්වීමක් අමතමිනි.

සර්ව පාක්ෂික දේශපාලන නියෝජිත සමුළුවේ දෙවන හමුව ජනපති ප්‍රධානත්වයෙන්

132 1140x642ජිනීවා යෝජනාවලට අදාළව ගනු ලබන සියලූ කි්‍රයාමාර්ග ශී්‍ර ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කරන බව ජනාධිපතිතුමා පවසයි.

විධායකය එපා - අමාත්‍ය මණ්ඩල අනුමැතිය

cabinet decisions logoවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකා දෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ද ඊයේ හිමි විය.

සෝභිත හිමිගේ තනතුර අමිල හිමිට

amila 0මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම නිසා හිස් වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය දඹර අමිල හිමියෝ පත්කර තිබේ.

විධායකය අහෝසි කරන කැබිනට් පත්‍රිකාව හෙට

president 17Novවිධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් හෙට පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරීමට නියමිතයි.