17072024Wed
Last update:Wed, 08 May 2024

කොමිසන් 04 ක් සඳහා සාමාජිකයින් පත් කිරීමට ජනපතිගේ අනුමැතිය

Presidential Media Unit Common Banner 1කොමිසන් 04 ක් සඳහා ව්‍යවස්ථාදායක සභාවෙන් නිර්දේශ කරන ලද සාමාජිකයින් පත් කිරීම සඳහ  ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය හිමි වේ.

මැතිවරණ කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම, සීමා නිර්ණය කොමිසම, සහ මුදල් කොමිසම සදහා මෙලෙස සාමාජිකයින් පත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා පත් කර ඇති අතර එන්.ජී. අබේසේකර, එස්.රත්නජිවන් හූල් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

ජාතික ප්‍රසම්පාදන කොමිසම සදහා සභාපති වශයෙන් ඒ.එම්. ෆොන්සේකා මහතා පත් කර තිඛෙන අතර සෙසු සාමාජිකයින් වන්නේ ඩී.එන්.අයි.එෆ්.ඒ වික්‍රමසූරිය, බී.ඊ.ආර්.සී වෙඩික්කාර්, පී.ඒ.ඩී.සී.ආර්. පෙරේරා, මෙයියන් වාමදේවන් යන මහත්ම මහත්මීන්ය.

සීමා නිර්නය සදහා කොමිසමේ සභාපති වශයෙන් පවලිංගම් කනගරත්නම් මහතා පත් කර ඇති අතර ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක , මහාචාර්ය සාහුල් හමීඩ් හස්බුල්ලා යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් වෙති.

මුදල් කොමිසමේ සභාපති ලෙස උදිත හරිලාල් පලිහක්කාර මහතා පත් කර ඇති අතර වේළුපිල්ලේ කනගසභාපති, එම්.එම්. සෆ්හුල්ලා යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් ලෙසත් නිල බලයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුනුත් පත්ව සිටි.