17072024Wed
Last update:Wed, 08 May 2024

විධායකය අහෝසි කරන කැබිනට් පත්‍රිකාව හෙට

president 17Novවිධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් හෙට පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරීමට නියමිතයි.

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසූයේ අද අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් සහතික පත් බෙදා දීමේ උත්සවයට එක්වෙමිනි.

ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද තමාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බදාදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි.

 අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන උත්සවයේදී ද ජනාධිපතිවරයා විධායක ජනපති ධූරය අහෝසි කරන බවට සපථ කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනවාරී 8 මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලැබුණු අතර එම ජයග්‍රහණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු ප්‍රකාරව අගමැති ලෙසට පත්කර ගනිමින් ගෙන ගිය කෙටි කාලීන ආණ්ඩුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන යම් යම් කතා බහක් සිදුවුවද එසේ නොවිය.

එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට හඬක් නඟමින් ඊට මූලිකත්වය ගෙන කටයුතු කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මෑතකදී අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ද වරින් වර මේ ගැන මාධ්‍ය හමුවලදී අදහස් පළ කළේය.

උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය මේ රටට නොගැලපෙන බැවින් එය වහා අහෝසි කළ යුතු බවයි.