17072024Wed
Last update:Wed, 08 May 2024

විද්‍යාත්මක පර්යේෂණ දියුණු කිරීමට සහාය ලබා දෙනවා

President Scienceමෙරට විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වෙනුවෙන් පැවැති ආණ්ඩු වෙන් කළ මුදල් සහ ලබාදුන් සහායන් පිළිබඳ තමා කිසිසේත් සෑහීමකට පත් නොවන බවත් එහෙයන් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල ඉහළ නංවා භෞතික සහ මානව සම්පත් පුළුල් කිරීමට අලුත් ආණ්ඩුව ක්‍රයා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

 අලුත් ආණ්ඩුව රට තුළ සිදු කරන නව පරිවර්තනවල දී උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මෙන්ම විද්‍යාඥයින්ගේ සහාය රජයට අවශ්‍ය බවත් රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ඔවුන් නොපැකිළිව ඉදිරිපත්වනු ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී ඊයේ(18) සවස පැවැති විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

ජාතික පර්යේෂණ සභාව මඟින් සංවිධාන කැර තිබූ ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ පැවැතියේ අටවැනි වරටය.

වෛද්‍ය, කෘෂිකර්ම, ඉංජිනේරු ආදී ක්ෂේත්‍රයන්හි නිපුණතා දැක්වූවන් දෙසිය දහ නව දෙදෙනකු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුහ.

ඉතා චාම් මෙන්ම අභිමානවත් අයුරින් සංවිධානය කැර තිබූ මේ උත්සවය පූරා හෝරා දෙකක් පැවැතිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය. වසර 2015 සඳහා ජාතික පර්යේෂණ ආයතනය මඟින් පිරිනමන විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳ මම ඉතාමත් සතුටු වෙනවා. එසේම මේ උළෙලට ආරාධනා කිරීම පිළිබඳ විෂය භාර ඇමැතිවරයාටත්, පර්යේෂණ සභාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත් මම මගේ ගෞරවය පිරිනමනවා. මිනිස් ශිෂ්ඨාචාරයේ මානව වර්ගයාගේ සැම විටම ප්‍රගමන, දියුණුව, මනුෂ්‍යත්වය පිළිබඳ මිනිසුන්ට දිය හැකි උතුම් දායාද ලබා දෙන්නේ මිනිසුන් අතර සිටින වඩාත් සිය දැණුම, ඥාණය, ප්‍රඥාව, බුද්ධිය, අවබෝධය, අත්දැකීම් මේ සියල්ලෙන් පිරිපුන් මිනිසුන්ටයි. මිනිස් පරිනාමයේ ආරම්භයේ සිට අද දවස දක්වා අනාගතය පිළිබඳ කතා කරද් දී උසස් මනසක් ඇත්නම් මිනිසාගේ සිය ඥාණය සහ දැණුම මිනිසා විසින් ප්‍රදානය කරන්නේත් ලබා දෙන්නේත් සමාජයට පරිත්‍යාග කරන්නේත් මිනිසුන් සඳහා පමණක් නොවෙයි.

මිනිසුන්, සතුන්, ස්වභාව දහම, ඇළ, දොළ, ගංඟා, ගහ, වැල සතුන් සිවුපාවුන් ආදී සියල්ල මිනිසුන් විසින් තමන්ට කරන සේවය පිළිබඳ මුළු සත්ත්ව ඉතිහාසය තුළ බලා සිටිනවා.

ඒ නිසා ලෝකයේ නව තාක්ෂණික දැණුම, පර්යේෂණ, විද්‍යාඥායන් තමන් විසින් සොයා නව සොයා ගැනීම් සමඟ දවසින් දවස ඉදිරියට යන මිනිසා නව ලෝකය බිහිකිරීමට නායකත්වය ගන්නවා.

අද දවස සැලකීමේදී භෞතික සම්පත්වලින් භෞතික සොයා ගැනීම්වලින් බොහෝ දියුණු මිනිසුන් බවට ලෝකය තුළ පත්ව සිටිනවා. අපේ රට ලෙස සැලකීමේ දී ශ්‍රීලාංකිකයන්ගේ දැණුම, උගත්කම, බුද්ධිය, ප්‍රඥාව වර්ධනය ජයග්‍රහණය වීම අපේ රටේ පමණක් නොව සමස්ත ලෝකවාසී මිනිසුන්ට සියලු සත්ත්වයන්ට සහ ස්වභාව දහමට වෙනුවෙන් එය ජයග්‍රහණ ලබා ගන්නා බවයි. ලෝකයේ බොහෝ සංවර්ධනය වූ රටවල් අමෙරිකාව, ජපානය, ජර්මනිය වැනි රටවල් සිය ජාතික ආදායමෙන් විශාල කොටසක් පර්යේෂණ සඳහා යොදා ගන්නවා. මගේ මතකයේ හැටියට ජපානය වාර්ෂික ජාතික ආදායමෙන් සියයට විසිපහකට ආසන්න ප්‍රමාණයක් පර්යේෂණ සඳහා යොදා ගන්නවා. අපේ රටේ ගෙවී ගිය දශක කිහිපයේ පර්යේෂණ සඳහා ආණ්ඩුවක් ලෙස වෙන් කළ මුදල, සම්පත් ප්‍රමාණය සහ ලබා දුන් සහයෝගය ප්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. මෙවර අමාත්‍යාංශ වෙන් කීරිමේදී මීට පෙර සෑම ආණ්ඩුවක් යටතේම තිබූ විද්‍යා හා තාක්ෂණය අමාත්‍යාංශය විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ වශයෙන් පර්යේෂණ යන්න අමාත්‍යාංශයට ප්‍රථම වරට එක් කැර තිබෙනවා. අලුත් ආණ්ඩුව ලෙස ලෝකයේ සංවර්ධනය වූ රටවල ඉදිරියට යා හැකි තරඟකාරී ශිෂ්ඨ, මානව සමාජයේ වගකීම් හා යුතුකම් සියලු දෙනාට ඉටු කිරීමේ දී මිනිසුන්, සතුන් හා ස්වභාව දහම වෙනුවෙන් ඔබ කරන කැපකීරිම පරිත්‍යාගශිලී බව අපි ඉතා අගය කරනවා.

පර්යේෂණ තුළින් ඔබ ලබා ගන්නා පොතේ දැණුම සමාජ පරිවර්තන සඳහා යොදා ගන්නා බව අපි විශ්වාස කරනවා. ලෝකය වේගයෙන් ඉදිරියට ගමන් කරද් දී ඒ වෙනුවෙන් සියල්ල සූදානම් වෙද්දී අපි රටක් ලෙස අපේ රට තව තවත් සූදානම් කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. ඊට නායකත්වය ගත යුත්තේ ඔබයි. මේ සම්මාන ලැබූ ලබන බොහෝ දෙනෙක් මම පෞද්ගලිකව දන්නා හඳුනන අයයි. ඒනිසා මේ සඳහා කාලය යොදවමින් අධිෂ්ඨානශීලීව කැපකිරීම් කරමින් නව විද්‍යාත්මක ප්‍රකාශන ලෝකයට බිහිකිරීමට ඔබ සෑම දෙනෙකුගේම උත්සාහය, කැපවීම අපි ආණ්ඩුවක් ලෙස අගය කරනවා. ඒ වගේම ජාතික පර්යේෂණ සභාව මේ පිළිබඳ ඇති උනන්දුව අගය කරනවා. පර්යේෂණ සභාවේ කාර්යය තව තවත් ශක්තිමත් කළ යුතුයි. ඊට සම්පත් ලබා දීම අවශ්‍යයි. මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් වඩ වඩා ලබා දීමේන ඔබ අප අපේක්ෂා කරන අරමුණ කරා ගමන් කළ හැකි වෙනවා. ඒ නිසා ඔබේ විද්වත් දැණුම, ඥාණය, බුද්ධිය මෙහෙයවමින් අපිට රටක් ලෙස ඉදිරියට යන්න ඔබ සැම ලබා දෙන්නේ ශක්තියක් සහ සහයෝගයක්. පර්යේෂණ සහ ප්‍රකාශ කරන ජනාධිපති සම්මාන මඟින් අපි අපේක්ෂා කරන්නේ ඔබට ගෞරවයක් ලබා දිම මෙන්ම අනිකුත් ඔබ වැනි සියලු ක්ෂේත්‍රවල විද්වතුන් මේ පිළිබඳ උනන්දු කැර වීමයි. ඒ අයගේ අවධානය යොමු කිරීමයි. මේ සම්මාන ලාභීන් මෙන් ඔවුන්ද සම්මානලාභීන් කීරිමයි. ඒතුළ සමස්තයක් ලෙස යහපත්වූ රටක සුබවාදී අනාගතයක ආධ්‍යාත්මික දියුණු මිනිසුන් ගොඩනඟන සමාජයක භෞතික සම්පත්වලින් කොතෙක් දුරට ජනතාවට කොතෙක් සෑහීමට පත් නොවුවද ලබා දෙන දායාදය විශිෂ්ටයි.

වාර්ෂිකව ලබා දෙන ප්‍රතිපාදන, මුදල්, සම්පත් වැඩි කිරීම අනිවාර්ය කළ යුතු බව අපි විශ්වාස කරනවා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය අනෙකුත් මේ සම්බන්ධ ආයතන තව තවත් ශක්තිමත් කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වූ දෙයක්. මේ විද්‍යාත්මක පර්යේෂණවල වඩාත් ප්‍රමුඛ වූ සටහන මම කියවා බැලුවා. ඒ තුළ අපට වර්තමානය අනාගතයේ අපි මුහුණ දෙන කෘෂිකර්ම, සෞඛ්‍ය, සමාජ විද්‍යාත්මක, තාක්ෂණික විවිධ අංශ සැලකිමේ දී අපි රටක් ලෙස අපේ රට ගොඩනඟන්න ඔබ වැනි විද්වතුන්ගේ සහාය මාර්ගෝප දේශකත්වය මඟ පෙන්වීම තුළ අපි කරන කටයුතුවලට විශාල ශක්තියක්.

ඔබ විසින් මේ සිදු කරන ලස මෙහෙවර තව තවත් විශිෂ්ට කිරීමට තවත් ශ්‍රේෂ්ඨ කිරීමට ඔබට ශක්තිය ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ අපි සැම එක්ව ඔබේ අපේ මාතෘභූමිය ගොඩනඟනවා මෙන්ම මුළු මහත් මානව සමාජයට ඔබෙන් අපෙන් සිදු විය යුතු යුතුකම් තව තවත් කැපවීමෙන් කටයුතු කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ආශිර්වාද කරනවා.

විද්‍යා තාක්ෂණ පර්යේණ ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා- වසර 1999 දී ස්ථාපිත කළ ජාතික පර්යේෂණ සභාව 2010 සිට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ විෂය පථායට එක් කැර තිබෙනවා. එහි ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කැර වසර අටක් වෙනවා. අපේ රට සංවර්ධිත රටක් කරා යන ගමනේ දී රටේ විද්‍යා ඥාණය ඉදිරියට දියුණු කිරීම ඉතා වැදගත් වෙනවා.

ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනකද සිල්වා මහතාද මෙහිදී අදහමස් දැක්විය. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂන අමාත්‍යාංශයේ ලේකම්වරයා ආර්. විජයලච්චුමි, මහත්මිය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රාජ්‍ය නිලධාරීන්යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.