17072024Wed
Last update:Wed, 08 May 2024

පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම

ranil wickremesinghe 27Novගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරයට හිමි මුදල සම්පූර්ණයෙන්ම ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26)පැවැසීය. පොහොර සහනාධාරය ලෙස ගොවින්ට සහනාධාරයෙන් අඩක් ලබාදීමට කිසිදු අදහසක් නොමැති බව ද අගමැතිවරයා සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අය-වැය විවාදය අතරතුර දී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත් සොයිසා මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රන්ජිත් සොයිසා මහතා:-

අපගේ රජය යටතේ පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කළා. ගොවි ජනතාවට එය මහත් සහනයක් වුණා. නමුත් මෙවර අය-වැයෙන් ගොවි ජනතාවට පොහොර ලබා දෙනවා වෙනුවට මුදල් ලබාදීමට යෝජනා කර තිබෙනවා. ඒ යටතේ ගොවි ජනතාවට පොහොර සහනාධාරයට හිමිවිය යුතු මුදල සම්පූර්ණයෙන්ම ලබාදෙනවාද? මම අගමැතිවරයාගෙන් මේ පිළිබඳ පිළිතුරක් අපේක්ෂා කරනවා.