17072024Wed
Last update:Wed, 08 May 2024

කටුනායක-රත්මලාන අතර ගුවන් ගමන්?

ranil 09 11කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ රත්මලාන කොළඹ ගුවන් ‍තොටුපොළ ඒකාබද්ධ කර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා වූ යෝජනාවක් රජය වෙත ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ වීමක් පෙරේදා (24දා) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් වූ මෙගා පොලිස් නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී සිදුවී ඇත.

කටුනායක ගුවන් තොටුපොළ තවදුරටත් නවීකරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී මතුවී ඇති අතර ගුවන් තොටුපළේ ගුවන් පථ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ද විශේෂ අවධාරණයකට ලක්වී තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇති නවීන උපකරණ ඇතුළු නවීන පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දී ඇත.