17072024Wed
Last update:Wed, 08 May 2024

ගොවියාගේ දායකත්වය අසම සමයි

siraa 1රටක ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවි ජනතාව දක්වන දායකත්වය අසම සම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

වර්තමාන  වාරි ඉංජිනේරුවරයෙකුට සමාන වාරි දැනුමක් අපේ ඇතැම් පැරණි ගොවියන් සතුව පවතින බැවින් ගොවි ජනතාව සමග කටයුතු කිරීෙමිදී ඔවුන් සතුව පවතින දැනුම, අත්දැකීම් හා පරිණත බව කිසිවිටෙක බැහැර නොකරන ලෙස ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාෙවි පැවති ගල්ගමුව අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමාධාරී ඉංජිනේරු සහකාරවරුන්ගේ සහතිකපත් ප‍්‍රදානෝත්සවයට අද එක්වෙමිණි.

ගොවියාගේ ලෙයින්, කදුලෙන් සහ සුසුමෙන් ගොඩනැගෙන කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ පුඑල් වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී ඇති බව සිහිපත් කළ ජනාධිපතිතුමා රටකට කොතෙක් ආයෝජනයන්, සංවර්ධන ව්‍යාපෘති පැමිණියත් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවි ජනතාව දක්වන දායකත්වය සම කළ නොහැකි බව ද කියා සිටියේය.

තව දුරටත් අදහස් දක්වමින් ජනාධිිපතිතුමා පැවසු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  වෘත්තීකයනට එහි වටිනාකම තම රුධිරයට බද්ධ වී තිබිය යුතු බවත් පරාක‍්‍රම සමුද්‍රය අසල ගොවි ගම්මානයක  උපන් තමන් තුළද එවන්ම බැදීමක් වාරි කර්මාන්තය සම්බන්ධයෙන් ඇති බවත්ය.