24042024Wed
Last update:Thu, 18 Apr 2024

ඓතිහාසික දිඹුලාගල පුදබිම වසර දෙකක් තුළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත දෙස්, විදෙස් ගෞරවය දිනාගත් ආකර්ශනීය පුදබිමක් ලෙස සංවර්ධනය කරන බව ජනපති පවසයි.

President Sirisena 2bඓතිහාසික දිඹුලාගල පුදබිම වසර දෙකක් තුළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත දෙස්, විදෙස් ගෞරවය දිනාගත් ආකර්ශනීය පුදබිමක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපතිතුමා පවසයි.


යහපාලනයට උචිත යහපත් ව්‍යවස්ථාදායකයක් පත් කරගනීම අපේ අරමුණයි - රතන හිමි

athuraliye himiවකුගඩු රෝගය රජරට ඇතුළු වියළි කලාපය තුළ බෝවන රෝගයක් ආකාරයට ශීඝ්‍රයෙන් පැතිර යනවා. මේ සඳහා හේතුව පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ අධික විෂ සහිත කෘතිම පොහොර සහ වල් නාශක භාවිතා කිරීමට උඩ ගෙඩි දීමයි. එදා රජය සිටියේ ගොවියාගේ පැත්තේනොවේ. බහුජාතික සමාගම් සමඟ සිට ගනිමින් ඔවුනිගේ තැරව්කාරයෙක් ලෙස කටයුතු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වකුගඩු රෝගය සම්බන්ධව ලබා දුන් නිර්දෙශ පවා ක්‍රියාත්මක නොකිරීමට තරම් එදා පාලකයින් අදූරදර්ශි වුණා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලීයේ රතන ස්වාමින් වහන්සේ සඳහන් කළහ. උන් වහන්සේ මෙසේ පැවසුවේ පසුගිය 17 වනදා අනුරාධපුර රජරට හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මෙවර මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රීක්කයට එක්සත් ජාතික පෙරමුණෙන් අමාත්‍ය පාටලී චම්පික මහතාගේ පාර්ශවයෙන් තරඟ වදින අමිල් ප්‍රියන්ත මහතාට සහය පළකරමින් මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.

ඡන්දය නිමවන තුරු මධ්‍යම කාරක සභා රැස්වීම් බෑ

slfp bulddingජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළ කරන ලද අදහස් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊයේ (15) දා කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝගයක් අනුව අත්හිටුවීමට සිදුවී යැයි ශ්‍රීලනිප පරිපාලන ලේකම් එස්. එච්. ආරියරත්න මහතා පැවැසීය. ජනාධිපතිවරයා විසින් තමන් වෙත එවන ලද ලිපියකට අනුව මේ තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන වකවානුවේදී නොකැඳවන බව ද ඒ මහතා පැවැසීය.

එංගලන්තයට ක්‍රිකට් උගන්වන ශ්‍රී ලංකාවේ යොහාන්

15072015 130814243194095296 svg cmyයොහාන් පීරිස් ක්‍රිකට් ක්‍රීඩාව උපන් එංගලන්තයේ ක්‍රීඩකයන්ට ක්‍රීඩාව උගන්වන ශ්‍රී ලාංකික තරුණයෙකි. හෙතෙම ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මෙන්ම ක්‍රීඩකයකු ලෙසත් එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ දස්කම් දක්වමින් සිටී. එක්සත් රාජධානියේ නිව් කාසල් විදුහලේ උසස් ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වන ඉහළ උපාධිය සම්පූර්ණ කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා යොහාන් පීරිස් ය. ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳ කළමනාකාරණ ද ඇතුලත් වූ මේ උපාධිය සම්පූර්ණ කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා ද යොහාන්ය. මිට පෙර එම දස්කම පෑවේ ශෙහාන් සමරතුංගය.

මැතිවරණ නීති කැඩූ 16ක් අත්අඩංගුවේ

mahinda deshapriya 1 kmnමෙවර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ඊයේ (13) දක්වා මැතිවරණ නීති කැඩූ 16 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි‍වෙයි

12072015 130811657004742527 slm cmyවංචාවට, දූෂණයට එරෙ‍හි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ද තාරාතිරම නොබලා වැරැදිකරුවන් නීතිය හමුවට පැමිණ වීමට, දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් දූෂණ හා වංචා සිදුකරන්නන්ට දැඩි දඬුවම් ලබා දීමට නව නීති සකස් කිරීමට ද තවදුරටත් එකඟ වීම ඇතුළු තවත් කරුණු ගණනාවක් පෙර දැරිව මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ එක්සත් ජාතික පෙරමු‍ණ පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (12) සිදුවූ අයුරු.

දිඹුලාගල නාහිමියෝ අපවත් වෙති

12072015 130811685471934527 slmපොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ උතුරු නැ‍ඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මල්දෙණියේ ජිනාලංකාර හිමියෝ පෙරේදා (11) උදෑසන අපවත් වූහ.