17102025Fri
Last update:Fri, 10 Oct 2025

මැතිවරණ නීති කැඩූ 16ක් අත්අඩංගුවේ

mahinda deshapriya 1 kmnමෙවර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ඊයේ (13) දක්වා මැතිවරණ නීති කැඩූ 16 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.

තවද එම කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 22ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මෙසේ අත්අඩංගුවට පත් කිසිවකුටත් ඇප ලැබී නැත. ඔවුන් රිමාන්ඩ් බාරයට පත්ව සිටිති.

ඊයේ (13) නාමයෝජනා බාර දීම අවසන් වූ පසු මැතිවරණ පැමිණිලි 3ක් ලැබී තිබේ.

නාමයෝජනා බාරදීමෙන් පසු මැතිවරණ පනතට එරෙහිව විවිධ වැරැදිවලට සම්බන්ධව අත්අඩංගුවට පත්වන පිරිස බොහෝයි. මැතිවරණය අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයේ සිටීමට ඉඩ ඇති බව පොලිසිය කියයි.