18042025Fri
Last update:Tue, 07 Jan 2025

ඡන්දය නිමවන තුරු මධ්‍යම කාරක සභා රැස්වීම් බෑ

slfp bulddingජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළ කරන ලද අදහස් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊයේ (15) දා කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝගයක් අනුව අත්හිටුවීමට සිදුවී යැයි ශ්‍රීලනිප පරිපාලන ලේකම් එස්. එච්. ආරියරත්න මහතා පැවැසීය. ජනාධිපතිවරයා විසින් තමන් වෙත එවන ලද ලිපියකට අනුව මේ තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන වකවානුවේදී නොකැඳවන බව ද ඒ මහතා පැවැසීය.

ලබන 17 දා අනුරාධපුරයේදී ආරම්භ කිරීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව පැවසූ පරිපාලන ලේකම්වරයා, ඉදිරියේදී පක්ෂය තුළ විශේෂ තීන්දු තීරණ කීපයක් ගනු ලබන බව ද සඳහන් කළේය.