24092023Sun
Last update:Tue, 01 Aug 2023

අගමැති-සෝභිත හිමි අවබෝධතා ගිවිසුමක

28072015 130825530879269758 snb cmyනීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තුළින් සාධාරණ සහ ශිෂ්ට සම්පන්න සමාජයක් තහවුරු කිරීමේ අරමුණින් සිවිල් සංවිධාන,වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ 110ක් එකමුතුව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ එළැඹී ගිවිසුම වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබීම කොළඹ පදනම් ආයතයේදී ඊයේ (28) සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනය සහ මගුල් බෙර වාදනය මැද්දේ ගිවිසුමට අස්සන් තැබිණි.

ඉන්දියාවේ රැදී සිටි සරණාගතයින් පිරිසක් දිවයිනට

tamilnaduතමිල්නාඩුවේ කඳවුරුවල රැදී සිටි ශ්‍රී  ලාංකික සරණාගතයන් 45 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙන බව හින්දු පුවත්පත වාර්තා කරයි.

සංරක්ෂණය කළ අභයගිරි චෛත්‍ය 31දා විවෘත කෙරේ

28072015 130825479340457758 sarසංරක්ෂණ කටයුතු අවසන් කළ අනුරාධපුර අභයගිරි චෛත්‍යය බැතිමතුන් උදෙසා විවෘත කිරීම මේ මස 31 දින පස්වරු 2.30ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ජනපති මෛත්‍රීට මාලදිවයිනේ දී හරසර

26072015 130823932981858527 stc cmyමාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) දහවල් මාලදිවයිනට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ මාලදිවයින් උප ජනාධිපති අහමඩ් අඩිප් අබ්දුල් කපූර් මහතා විසින් එහිදී මහත් හරසරින් යුතුව පිළිගෙන.විශේෂ හමුදා උත්තමාචාර පිළිගැන්වුණු අයුරු.

වටිනාදේ නොවටිනා ලෙස පිළිගැනීමෙන් සිදුවන හානිය ගැන අපි සෑමවිටම සිතිය යුතුයි

hqdefaultමෛත්‍රී කිරී‍ෙම් ආනිසංශය විද්‍යාත්මක අතින්ද මුළු ලොවම පිළිගෙන ඇති අතර අපේ වටිනා‍ දේ නොවටිනා දෙයක් හැටියට පිළිගැනීමෙන් සිදුවන හානිය ගැන අප සැම සිතිය යුතු යැයි සේරුවිල ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති නායක හිමියන් පැවසූහ.