03122024Tue
Last update:Wed, 20 Nov 2024

අග්‍රාමාත්‍යවරයාට ජපාන අගමැතිගෙන් සුබපැතුම්

abeජපන් අගමැති ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ නව අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යවා ඇතැයි කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.


ව්‍යවස්ථා සංශෝධනයට අගමැතිගෙන් කමිටුවක්

parliament 1ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විද්වත් කමිටුවක් පත්කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් ප්‍රමුඛ විද්වත් මණ්ඩලයකින් එම කමිටුව සමන්විතය.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ යල කන්න අස්වැන්න සරුවට

landworkerමඩකලපුව දිස්ත‍්‍රික්කයේ යල කන්න වී වගාවේ රෝග ඇතිවී ඇති නමුත් වැඩි අස්වැන්නක් ලැබී ඇති බව මඩකලපුව දිස්ත‍්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.සිවලිංගම් මහතා පැවසීය.

ජාත්‍යන්තර පරීක්ෂණයකට අයිතියක් නැ -අගමැති

ranil wickramasinge augustරී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජනතා හරසර මැද අගමැති දළදා සමිඳු වැඳ පුදා ගනී

23082015 130847942768405758 slm cmyඅග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබාගැනීමට මහනුවර දළදා මාලිගාවට ඊයේ (23) පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාල බස්නායක නිලමේවරු විසින් පිළිගෙන රතු පලසක් මතින් දළදා මැදුර වෙත කැඳවාගෙන යනු ලැබීය.

සංගාට ජනපතිගෙන් තෑග්ගක්

sangaබ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ධූරය බාරගන්නැයි ප‍්‍රවීන ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර සංගක්කාරගෙන් ඉල්ලා තිබේ.

අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිව්රුම් දෙයි

ranil sworn maithreeනව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.