19042025Sat
Last update:Tue, 07 Jan 2025

අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිව්රුම් දෙයි

ranil sworn maithreeනව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. 

 ඉදිරියේදී ස්ථාපිතවීමට නියමිත 8 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එලෙස දිව්රුම් දුන්නේ.

ලංකා ඉතිහාසයේ 4 වෙනි වතාවට ඔහු එලෙස පත්විය.

ඉකුත් ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුළුතර ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේය.

කෙසේ වෙතත් පසුගිය 17 වන දින පැවති මහමැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස සටහන් වුණු මනාප 500,566 ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන ලදී.