17102025Fri
Last update:Fri, 10 Oct 2025

අග්‍රාමාත්‍යවරයාට ජපාන අගමැතිගෙන් සුබපැතුම්

abeජපන් අගමැති ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ නව අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යවා ඇතැයි කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඔහුගේ පණිවිඩයෙහි අගමැති අබේ මැතිතුමා ප්‍රකාශ කර ඇත්තේ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මැතිවරණයක් මඟින් අගමැති වික්‍රමසිංහ මහතාගේ සමාරම්භය සිදු වීම පිළිබඳව සුබ පැතුම් එක් කරන බවත් ජපන් - ශ්‍රී ලංකා සබඳතාව වැඩිදුරටත් දියුණු කිරීමට සහ ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ ජාතික සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයට ජපානයේ සහයෝගය ලැබෙන බවත් නව රජය සමඟ සමීපව වැඩ කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ය.