20042024Sat
Last update:Thu, 18 Apr 2024

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ යල කන්න අස්වැන්න සරුවට

landworkerමඩකලපුව දිස්ත‍්‍රික්කයේ යල කන්න වී වගාවේ රෝග ඇතිවී ඇති නමුත් වැඩි අස්වැන්නක් ලැබී ඇති බව මඩකලපුව දිස්ත‍්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.සිවලිංගම් මහතා පැවසීය.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වෙල්ලාවෙලි, මන්ඩූර්, කොක්කොඩිචෝලෙයි, වාකරේ, වාකනේරි ඇතුළු ප‍්‍රදේශවල වාර්ෂිකව යල කන්න වගාව අක්කර 58000 සිට 62000 දක්වා සිදු කරන බව පැවසීය.

සාමාන්‍යෙයන් අක්කරයකට බුසල් 50000 සිට 60000 දක්වා ලැබෙන නමුත් මෙවර රෝගී තත්වයක් තිබූ නමුත් බුසල් 80000 දක්වා අස්වනු ලැබී ඇති බව ඒ මහතා පැවසීය.මෙම අස්වනු අවස්ථාවේ අඩු ආදායම් ලබන කාන්තාවන් බිම වැටී තිබුණු වී කරල් ගෙන වේලා තම ආහාරයට ගෙන ඇති බවද පැවසීය.

තවද කුඹුරුවල ලැබෙන තණකොළ හා ගොයම් තම නිවෙස්වල සතුන් සඳහා යොදා ගන්නා බව පැවසීය.

මෙවර යල කන්න වී වගාව අවසන් වි ඇති අතර, සැප්තැම්බර් මාසයේ වැස්ස බලා කරන  කරන වී වගාව සිදු කෙරේ.