නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙමින් රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ද ශක්තිමත් කරන බව ජනපති පවසයි.
ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙමින් රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සහ මානව අයිතීන් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.
පසුගියදා නිකුත් කෙරුණු මානව හිමිකම් කවුන්සිලයේ කෙටුම්පත් යෝජනාවලිය ශ්‍රී ලංකාවට වඩාත් හිතවාදී යෝජනාවක් ලෙස පිළිගැනීමට පුළුවන. ලිහිල් යෝජනාවලියක් වශයෙන් එළි දැක ඇති එයින් ශ්‍රී ලංකාව සමඟ සුහදව ගනුදෙනු කිරීමට කවුන්සිලයේ ඇති කැමැත්ත සහ කැපවීම පෙන්නුම් කෙරේ. එකී ලිහිල් හා මිත්‍රශීලීබවට බලපා ඇති මූලික කාරණය 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් හා 2015 අගෝස්තු 17 මැතිවරණයෙන් පසුව ඇති වූ දේශපාලන වෙනස ෙහ්තුවෙන් මෙරට මානව හිමිකම්, සිවිල් අයිතිවාසිකම් සහ අධිකරණ ක්ෂේත්‍රයේ සිදු වූ ප්‍රගතිය බව ඉතා පැහැදිලිය.
ශ්‍රී ලාංකිකයින්ට අයත් , ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වය සමග ඇති කෙරෙන විශ්වාසදායි සහ සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් තැබීම තම යෝජනාව මගින් සිදුකරන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සදහා ඊයේ (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය.
ව්‍යවස්ථාවට අනුකූලව පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකාවට හා රණවිරුවන්ට සිදුව තිබෙන කැලැල්වලින් නිදහස් කර ගැනීම කළ යුතු බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
ජී.එස්.පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගෙන කටයුතු කරන බවත්, තමා නැවත ජර්මනියට ගිය පසු, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු විදේශ අමාත්‍ය ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් මහතා පැවසීය.