05052024Sun
Last update:Thu, 18 Apr 2024

දෙස් විදෙස් තරගකරුවන් අබිබවා සුරේෂ්-රවීන්ද්‍ර ජය ගනිති

 22092015 130873909318138527 svg cmyයුද හමුදා ඉංජිනේරු බළකාය හා ෆෝවීල් ඩ්‍රයිව් ක්‍රීඩා සංගමය එක්ව 5වැනි වරට සංවිධාන කළ සැපර්ස් 4 x 4 ජිම්පෝ මෝටර් රථ බාධක තරණ තරගාවලියේ සමස්ත ජය රියදුරු සුරේෂ් චතුරංග හා සහායක රියදුරු රවීන්ද්‍ර සංජීව හිමිකර ගත්හ.

මේ තරගාවලියට සමගාමීය පැවැති යතුරු පැදි තරගාවලියේ විශිෂ්ට යතුරු පැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායක කුසලාන හිමිකර ගැනීමට සමත් විය.

තුංකම ඇඹිලිපිටිය, යුද හමුදා ඉංජිනේරු බළකා පුහුණු පාසලේ ඉංජිනේරු සෙබලුන්ගේ දායකත්වයෙන් රමණීය භූමියක ඉදිකර ඇති දුෂ්කර බාධක සහිත ධාවන පථයක ප්‍රමුඛ පෙලේ දෙස් විදේස් ඕෆ් රෝඩ් රියදුරන් තරග වැදි සැපර්ස් 4 x 4 ජිම්පෝ තරගාවලියේදී එක්ස්ට්‍රීම් කාණ්ඩයේ සමස්ත ජය රියදුරු සුරේෂ් චතුරංග හා සහායක රියදුරු රවීන්ද්‍ර සංජීව හිමිකරගත් අතර රියදුරු චමින්ද දරීජු හා සහායක රියදුරු දිමුතු ප්‍රනාන්දු දෙවැනි ස්ථානයත්, රියදුරු ෆැන්සිස් කූ (ඔස්ට්‍රේලියාව) සහ සහායක රියදුරු අමල් වික්‍රමආරච්චි තෙවැනි ස්ථනයත් හිමිකර ගත්හ.

එක්ස්ට්‍රීම් 3000 සී. සී. වලට වැඩි කාණ්ඩයේ තරග ඉසව්වේ ජය රියදුරු චමින්ද දරීජූ සහායක රියැදුරු දමිත් ප්‍රනාන්දු හිමිකරගනිද්දී, රියදුරු සෑම් සමරසිංහ සහ සහායක රියැදුරු දනූෂ්ක සූරවීර දෙවැනි ස්ථානයත්, රියැදුරු රසල් බ්‍රින්ස්මීඩ් (මැලේසියාව) සහ සහායක රියදුරු වෝනර් ඕලෝෆ් තෙවැනි ස්ථානයත් හිමිකර ගත්හ.

එක්ස්ට්‍රීම් 3000 සී. සී. අඩු තරග කාණ්ඩයත් රියදුරු සුරේෂ් චතුරංග හා සහායක රියදුරු රවීන්ද්‍ර සංජීවත් හිමිකර ගනිද්දී, රියදුරු ෆැන්සිස් කූ (ඔස්ට්‍රේලියාව) සහ සහායක රියදුරු අමල් වික්‍රමආරච්චි දෙවැනි ස්ථානයත්, රියැදුරු ඉන්දික සංජය සහ සහායක රියැදුරු නවීන් මාරපන තෙවැනි ස්ථානයට හිමිකම් කීහ.

සිවුවසරක් අඛණ්ඩව සැපර්ස් 4 x 4ජිම්පෝ තරගාවලියේදී එක්ස්ට්‍රීම් කාණ්ඩයේ සමස්ත ජය හිමිකරගෙන සිටි රියැදුරු ඉන්දික සංජය සහා සහායක රියැදුරු නවීන් මාරපනට මෙවර එක්ස්ට්‍රීම් 3000 සී. සී. අඩු තරග කාණ්ඩයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවීම විශේෂ සිද්ධියකි.

තරගාවලියට සමගාමීව දෙවැනි වරටත් ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය සංවිධාන කළ යතුරු පැදි තරග 12 කින් සමන්විත තරගාවලියේදී 125 සී. සී. (2ටී.) 250 සී. සී. (4ටී.) රේසිං තරග දෙකෙන්ම ඉෂාන් දසනායක ජයගත් අතර ජාක් ගුණවර්ධන තරග දෙකෙන්ම දෙවැන්නා විය. එම ඉසව්වේ ප්‍රථම තරගයෙන් බුද්ධික සිල්වා තෙවැනි ස්ථානයට හිමිකම් කී අතර ඉවෝන් බී. ගුරුසිංහ දෙවැනි තරගයේදී තෙවැන්නා විය.

125 සී. සී. (2ටී.) රේසිං ඉසව්වෙන් හා 125 සී. සී. (2ටී.) රේසිං සන්නද්ධ සේවා ඉසව්වෙන් බුද්ධික සිල්වා ජයගත් අතර තරග දෙකේම සමීර ප්‍රේමරත්න දෙවැන්නාද, තරග දෙකෙන්ම උෂාන් රජිත සිල්වා තෙවැන්නාද විය.

වයස අවුරුදු 16 න් පහළ 85 සී. සී. රේසිං තරග දෙකෙන්ම රාගවන් බාබූජී (ඉන්දියාව) ජයගත් අතර තරග දෙකෙන්ම ඩී. එම්. ඩී. කල්හාර දෙවැන්නාද තරග දෙකෙන්ම බුද්ධික ශී‍්‍ර සඳකැලුම් තෙවැන්නාද විය. 85 සී. සී. රේසිං 13න් පහළ තරගයෙන් බුද්ධික ශී‍්‍ර සඳකැලුම් ජයගත් අතර ඉනුක අමේන්ද්‍ර දෙවැන්නාද රුමේෂ් ද සිල්වා තෙවැන්නාද වුහ.

ඉවෝන් බී. ගුරුසිංහ 250 සී. සී. ස්ට්‍රීට් ට්‍රේ‍්‍රල් තරග ඉසව් දෙකෙන්ම ජයගනිද්දී, සමීර ප්‍රේමරත්න තරග දෙකෙන්ම දෙවැන්නාද විය. එම ඉසව්වේ ප්‍රථම තරගයෙන් අකිල සම්පත් තෙවැන්නා වු අතර මදුර පීරිස් දෙවන තරගයෙන් තෙවැන්නා විය. 125 සී. සී. ස්ට්‍රීට් ට්‍රේල් තරග ඉව්වෙන් සමීර ප්‍රේමරත්නට ජය හිමිවෙද්දී බුද්ධික කසුන් සිල්වා දෙවැන්නාද මදුර පීරිස් තෙවැන්නාද විය.

වයස අවුරුදු 10න් පහළ 50 සී. සී. ප්‍රථම තරගයෙන් අභිෂේක් බණ්ඩාර ජයගත් අතර දෙවන තරගයෙන් දිමිත ජයවර්ධන ජයගත්තේය. ගගන ප්‍රනාන්දු ප්‍රථම ඉසව්වේ දෙවැන්නා වෙද්දී, දෙවන තරගයේ අභීෂේක් බණ්ඩාර දෙවැන්නා විය. සදීප ඔසඳ ප්‍රථම තරගයේ තෙවැන්නා වෙද්දී, දෙවන තරගයෙන් ගගන ප්‍රනාන්දු තෙවැන්නා විය.