20042025Sun
Last update:Tue, 07 Jan 2025

දේශීය යාන්ත‍්‍රණය තුළ කොමිසමක් - රජය

maithri and ranil 0පවතින ගැටළුවලට දේශීය යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක සත්‍ය කොමිසමක් පිහිටුවීමට රජය යෝජනා කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පිළිබදව ප්‍රකාශ කර ඇත.

ඒ අරලියගහ මන්දිරයේ අද දහවල් පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදියි.

ඒ සඳහා ගිහි පුද්ගලයෙකුගේ සභාපතිත්වයෙන් යුත් මණ්ඩලයක් පත් කෙරෙයි.

ඊට සාමාජිකයින් තෝරාගැනීම සඳහා මහානායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන්, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් යුත් ආගමික කමිටුවක් මගින්  සිදුකිරීමට නියමිතයි.

මීට අමතරව අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලයක් මෙන්ම විශේෂ නීති කාර්යාලයක් මෙරටදී ස්ථාපිත කිරීමටද රජය යෝජනා කර ඇත.