30042024Tue
Last update:Thu, 18 Apr 2024

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙමින් රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ද ශක්තිමත් කරන බව ජනපති පවසයි.

0128 1140x969ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙමින් රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සහ මානව අයිතීන් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගිවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බිනර පොහොය යෙදී තිබූ ඊයේ(27) දින නිව්යෝර්ක් බෞද්ධ විහාරයට ගොස් ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව පැමිණ සිටි ශ්‍රී ලාංකික ජනතාව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

එම ජනතාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා නව රජයට ජාත්‍යන්තරයෙන් විශාල සහායක් ලැබී ඇති බවයි.

 ජනතාව තමන්ට දුන් බලය රට හා රටේ ජනතාව වෙනුවෙන් නිවැරදිව උපයෝගී කොට ගන්නා බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස හිමියන් ඇතුළු නිව්යෝර්ක් හි පිහිටි බෞද්ධ විහාරස්ථානවල වැඩ වාසය කරන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා  වෙත ආශිර්වාද පළ කළහ.

ජනාධිපතිතුමා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකීක ජනතාව සමග සුහද පිළිසඳරක ද නිරත විය.

05 02