19042024Fri
Last update:Thu, 18 Apr 2024

මාස හැටකින් අලුත් රටක්

23072015 130821228891255296 sse cmy 0ආර්ථික දියුණුව, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ අධ්‍යාපනය ඉහළ නැංවීම තුළින් එක්සත් ජාතික පෙරමුණ මාස හැටකින් අලුත් රටක් සෑදීමේ පංචවිධ ක්‍රියාවලිය ඊයේ (23) එළිදැක්විණි.

මෙම ක්‍රියාවලියේ ආර්ථික වැඩපිළිවෙළට පාදක වී ඇත්තේ දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මහජනතාවට සාධාරණ සමාජ ප්‍රතිලාභ ලබා දීම සහතික කෙරෙන අතර මෙම වෙළෙඳපොළ ආර්ථිකය මගින් විවෘත ආර්ථිකයේ පදනම පුළුල් කෙරේ.


එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

RDS 7527’‘මට  ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න’’ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ‘මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී අද (23) පෙරවරුවේ එළිදක්වමින් පැවසීය.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් සර්වාගමික නායකයින් වෙත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිගන්වනු ලැබීය.

‘හෘද සාක්ෂියේ සම්මුතිය’ එළිදැක්වෙයි

22072015 130820457306694527 sis cmyඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ වූ ‘හෘද සාක්ෂියේ සම්මුතිය’ එළිදැක්වීමේ විශේෂ මහා සමුළුව ඊයේ (22 දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඇමති පාඨලී මැතිවරණ නීතියට ගරු කරයි

pataliරජය මගින් නිකුත් කළ නිවේදනයට ගරු කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ වන විට පරිහරණය කරන වාහන ත්‍රිත්වය සදහා ගෙවිය යුතු රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක මුදලක් ලබා දීම  අද අමාත්‍යයංශයේදී සිදු විය.

එ.ජා.පය දිනවන්න, නිල් බලකායේ පිරිසක් මු.කො.ට එක් වෙයි

muslimශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධාන හා නිල් බලකායේ  ත්‍රිකුණාමල ක්‍රියාකාරින් පිරිසක් අද එක්සත් ජාතික පක්ෂය දිනවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක්විය.

සරණාගත භාවය ඉල්ලා ලංකාව දෙක වෙයි

swestar landස්විට්සර්ලන්තයෙන් සරණාගත භාවය ඉල්ලා ඇති ලෝකයේ දෙවැනි රට බවට  ශ්‍රී ලංකාව පත්ව තිබේ.

යුරෝපා නිරික්සුවෝ එති

RDS 7055මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලීමකට  අනුව යුරෝපා සංගමයේ මැතිවරණ නීරික්ෂණ දුත මණ්ඩලය අද සිය කටයුතු ආරම්භ කළේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ  රුමේනියා මන්ත්‍රීවරයකු වන ක්‍රිස්ටියන් ප්‍රෙඩාය එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර යුරෝපා සංගමයට අයත් විවිධ රටවල් වලින් නිරික්ෂකයන් 70 කට  අධික පිරිසක් මෙම දුත මණ්ඩලයට අයත් වේ.