16072024Tue
Last update:Wed, 08 May 2024

ඇමති පාඨලී මැතිවරණ නීතියට ගරු කරයි

pataliරජය මගින් නිකුත් කළ නිවේදනයට ගරු කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ වන විට පරිහරණය කරන වාහන ත්‍රිත්වය සදහා ගෙවිය යුතු රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක මුදලක් ලබා දීම  අද අමාත්‍යයංශයේදී සිදු විය.

 මැතිවරණ නීති වලට හා රාජ්‍ය නිවේදනයන්ට අවනත වෙමින් අමාත්‍යවරයා විසින් එම මුදල අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩට ලබා දුන්නේය.

රට නව දේශපාලන සංකෘතියකට වෙත ගමන් අරඹමින් නව රජය වඩා විනිවිද භාවයෙන් යුතුව රාජ්‍ය දේපල මැතිවරණය වෙනුවෙන් අවභාවිතාවන් සදහා යොදා නොගෙනීමට ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වමින් කටයුතු කිරීමට ඇමතිවරයාගේ දායකත්වයද ලබා දෙන බව මෙහිදී සදහන් කළේය.

කිසියම් දේශපාලඥයෙක් එළඹෙන මැතිවරණයේදී රජයේ වාහන භාවිතා කරයි නම් මසකට රුපියල් ලක්ෂය බැගින් එක් වාහනයක් සදහා ගෙවිය යුතු ලෙස චක‍්‍රලේඛයක් පසුගියදා නිකුත් කෙරුණා.