20042024Sat
Last update:Thu, 18 Apr 2024

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

RDS 7527’‘මට  ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න’’ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ‘මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී අද (23) පෙරවරුවේ එළිදක්වමින් පැවසීය.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් සර්වාගමික නායකයින් වෙත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිගන්වනු ලැබීය.

 ආර්ථිකය දියුණු කිරීමේ, දූෂණය මුලිනුපුටා දැමීමේ, නිදහස තහවුරු කිරීමේ, යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමේ, අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක‍්‍රියාවලීන් යන පංච විධ ක‍්‍රියාවලිය යටතේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කර තිබේ.

 ‘මට  ඕනෑ මගේ අනාගතය තහවුරු කරගන්න නෙවෙයි. ඔබ සියලූ දෙනාගේම අනාගතය තහවුරු කළ දාට මගේ අනාගතය තහවුරු වෙනවා. ජනවාරි 8 වැනිදා විප්ලවය, දින 100 වැඩපිළිවෙල තහවුරු කරගෙන ඉදිරියට යාම සඳහා වන විප්ලවය ආරම්භකිරීම සඳහා අගෝස්තු 17 වැනිදාට එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබාදෙන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මට  ඕනෑ රජ මාළිගාවක් හදන්න නෙවෙයි. ඔබ සියලූ දෙනාගේම නිවස, ගෙවත්ත, කුඹුර ඔබේ රාජධානිය බවට පත්කරන්න‘ යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ඇමති කබීර් හෂීම්, ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මනෝ ගනේෂන් යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.


RDS_7487 RDS_7550 RDS_7561 RDS_7582 RDS_7646 RDS_7713 RDS_7750