වේගයෙන් දියුණු වන රටක් ලෙස විශ්‍රාම යාමේ ප්‍රතිපත්තියට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි
‘විශ්‍රාම යාම ගැන කතා කරන විට අපේ රටේ රාජ්‍ය සේවයේ අද වයස 60 න් විශ්‍රාම යනවා. හමුදා සේවාවල වයස 55 න් විශ්‍රාම යනවා. පෞද්ගලික අංශයේ ආයතනවල මේ සම්බන්ධයෙන් විවිධ තත්ත්ව, තිබෙනවා. විශ්‍රාම යාම කියන වචනය කොතෙක් දුරට පරිපූර්ණ වූ මිනිසකුගේ හැකියා. දක්ෂතා, නිර්මාණශීලීභාවය පිළිබඳව පුළුල් ලෙස ශක්තියක් ජීව ශක්තියක් තිබිය දී ගැළපෙනවද කියන කාරණාව අප විසින් අවධානයට ගත යුතු කාරණයක්’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

සිරියාවේ එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිරියාවේ කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු මියගිය බව වාර්තා වෙයි.
ගිනිඅවියක් අත දරාගෙන නිල ඇඳුමක් ඇද සිටින රණවිරුවන්ගේ කලා දක්ෂතාවන් එළි දක්වන්නට මෙන්ම එය ලොවටම ඉදිරිපත් කරන්නටත් "රණවිරු රියල් ස්ටාර්" වැඩසටහන තෝතැන්නක් වු බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක මහතා පවසයි. 

