01072025Tue
Last update:Wed, 04 Jun 2025

මෙරටට එන මත්ද්‍රව්‍ය අල්ලන්න ඉන්දියාවේ අලුත් පොලිස් කණ්ඩායමක්

indian policeතමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදන්පුරම් දිස්ත්‍රික්කයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනය කීරීම සඳහා නවතම පොලිස් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

 එම පොලිස් කණ්ඩායම "ඩී කණ්ඩායම" නමින් නම්කර තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවම කිරීමේ අරමුණින් මෙම පොලිස් කණ්ඩායම පත්කර ඇති බව වාර්තා වෙයි. මේ සඳහා 05 දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති අතර එහි ප්‍රධානත්වය උප පොලිස් පරික්ෂකවරයෙකු විසින් දරණ බවද එම වාර්තා සදහන් කරයි.

බුද්ධි තොරතුරු මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මෙම කණ්ඩායම් හරහා සිදුකෙරෙන අතර මෙම කණ්ඩායම පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බවද පසුගිය වසර කිහිපයේ දී අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගෙන් ලබාගන්නා තොරතරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව ද වාර්තා වෙයි.