20042024Sat
Last update:Thu, 18 Apr 2024

ඓතිහාසික දිඹුලාගල පුදබිම වසර දෙකක් තුළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත දෙස්, විදෙස් ගෞරවය දිනාගත් ආකර්ශනීය පුදබිමක් ලෙස සංවර්ධනය කරන බව ජනපති පවසයි.

President Sirisena 2bඓතිහාසික දිඹුලාගල පුදබිම වසර දෙකක් තුළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත දෙස්, විදෙස් ගෞරවය දිනාගත් ආකර්ශනීය පුදබිමක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපතිතුමා පවසයි.

 දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිත්වය දරමින් වැඩ විසූ අපවත්වී වදාළ පූජ්‍ය කිතලගම සිරි සීලාලංකාර නායක හිමිපාණන් වහන්සේටත්, පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේටත් රජයක් ලෙස සිදුකළ හැකි ඉහළම ගෞරවය එය බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අපවත්වී වදාළ සිරිධම්ම රක්ඛිත වංසාලංකාර අනුවිජ්ජික ධුරන්දර අමරපුර මහ නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශවයේ සම්මානනායක උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ
ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට අද (15) පස්වරුවේ ඓතිහාසික දඹුලාගල පුද බිමේදී එක්වෙමිනි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩිවිසු පූජ්‍ය කිතලගම සීලාලංකාර නායක ස්වාමින් වහන්සේත්, පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේත් දිඹුලාගල පුදබිමේ සංවර්ධනය උදෙසා කෙතරම් කැපවී කටයුතු කළද ඒ සදහා නිසි රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් රජය බලයට පත්ව මාස කිහිපයක් ඉක්ම යන විට පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බවද පැවසීය.

විශ්වකර්ම නිර්මාණ ගුණයෙන් යුත් පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පළාතට පමණක් නොව රටටම සිදුවූ බලවත් පාඩුවක් බවද ජනාධිපතිතුමා පැවසීය.

දිඹුලාගල වැනි දුෂ්කර කලාපයක වැඩ වෙසෙමින් නියගයෙන්, දරිද්‍රතාවයෙන් පීඩාවිදින අහිංසක ජනතාවගේ දුක සැප තමන්ද අත්විදිමන් දුෂ්කර ජීවිතයක කටුක අත්දැකීම් වළදමින් විසූ පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේගේ දිවිපැවැත්ම වත්මන් භික්ෂු පරපරුට මහත් ආදර්ශයක් බවද ජනාධිපතිතුමා පැවසීය.

ත්‍රයිනිකායික මහා සංඝරත්නයද, බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් අවමංගල පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

10 09 07 06 05 03 02 01