05022025Wed
Last update:Tue, 07 Jan 2025

ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය 22දා එළිදකී

jvp1ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ “හෘද සාක්ෂියේ සම්මුතිය” ලබන 22දා පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එළිදැක්වීමට නියමිතය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ ජාතික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කරන අතර මෙයට සමගාමීව විශේෂ මහා සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැලසුම් කිරීමේදී මේ රටේ විවිධ බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් සහ විවිධ අංශවලට දස්කම් දක්වන ලද පුද්ගලයින්ගෙන් අදහස් විමසීමක් කළ බව සඳහන් කරන පළාත් සභා මන්ත්‍රීවරයා එම අවස්ථාවට ඔවුනටද ඇරයුම් කර ඇතැයි ද පැවැසීය.

මෙම විශේෂ අවස්ථාව ස්වාධීන රූපවාහිනියෙන් සහ ලක්හඬ ගුවන් විදුලියෙන් සජීවීව විකාශනය කිරීමට නියමිතය.