20042024Sat
Last update:Thu, 18 Apr 2024

එංගලන්තයට ක්‍රිකට් උගන්වන ශ්‍රී ලංකාවේ යොහාන්

15072015 130814243194095296 svg cmyයොහාන් පීරිස් ක්‍රිකට් ක්‍රීඩාව උපන් එංගලන්තයේ ක්‍රීඩකයන්ට ක්‍රීඩාව උගන්වන ශ්‍රී ලාංකික තරුණයෙකි. හෙතෙම ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මෙන්ම ක්‍රීඩකයකු ලෙසත් එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ දස්කම් දක්වමින් සිටී. එක්සත් රාජධානියේ නිව් කාසල් විදුහලේ උසස් ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වන ඉහළ උපාධිය සම්පූර්ණ කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා යොහාන් පීරිස් ය. ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳ කළමනාකාරණ ද ඇතුලත් වූ මේ උපාධිය සම්පූර්ණ කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා ද යොහාන්ය. මිට පෙර එම දස්කම පෑවේ ශෙහාන් සමරතුංගය.

යුරෝපයේ විශාලතම පාසල් ක්‍රීඩා සැණකෙළිය වන ලන්ඩන් යොවුන් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී යොහාන් පිරිස් කොළඹ මහනාම විදුහලෙන් බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු කලක් අන්තෝනියන් ක්‍රීඩා සමාජය ද නියෝජනය කළේය.

යොහාන් කලක් එක්සත් රාජධානියේ ප්‍රාන්ත ලීග් තරගාවලියට ක්‍රීඩා කළ අතර UKCC -1 සහ UKCC-2 එක්සත් රාජධානියේ ක්‍රිකට් පුහුණුකරු පළමු හා දෙවැනි ශ්‍රේණි පාඨමාලාව සාර්ථකව නිමා කිරීමට සමත්විය. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු ලෙසත් ඔහු කටයුතු කරයි.