03052024Fri
Last update:Thu, 18 Apr 2024

අද පටන් අරගෙන හෙට අවසන් කළොත් අරමුණ ඉටු වන්නේ නැහැ

24 ada 01ශ්‍රී ලාංකීය අනාගත පරපුර නිරෝගි පිරිසක් බවට පත් කරලීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත් බෙහෙවින් කාර්ය බහුල මාධ්‍යවේදින්ගේ නිරෝගිකම රැක ගතයුතු බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


ජනපති 'වික්‍රමාදිත්‍ය' නැව නැරඹමින්...

col7123625398 3963025 24012016 slm cmyශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් විශාලතම යුද නෞකාවක් වන 'වික්‍රමාදිත්‍ය' නැව නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙරේදා (23) පෙරවරුවේ ගියේය. ' හිරුමෙන් ශක්තිමත්', යන තේරුම ඇති වික්‍රමාදිත්‍ය නෞකාව දිගින් මීටර් 284 ක් වන අතර, පළලින් මීටර් 60 කි. වරකට ප්‍රහාරක ගුවන් යානා 36 ක් ප්‍රවාහනය කළ හැකි අතර 1700 ක කාර්ය මණ්ඩලයකින් යුත් මෙම නැව මහල් 22 කින් සමන්විතය. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පවතින සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමාදිත්‍ය නෞකාව බාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන්නේ රියර් අද්මිරාල් රවිනීට් සිං මහතායි. නෞකාවේ අණ දෙන නිලධාරි ක්‍රිෂ්ණා ස්වාමිනාදන් මහතායි. නෞකාව වෙත පැමිණි ජනාධිපතිතුමන් ඉන්දීය හමුදාවේ උත්තමාචාරය පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගැනීම සිදු වූ අතර සමරු තිළිණ ද ප්‍රදානය කෙරිණි.

හොර අමෙරිකන් ඩොලර් දී එක්කෝටි අසූ ලක්ෂයක් අත්අඩංගුවට

usඑල්.ටී.ටී.ඊ. පාලන සමයේ උතුරු ප්‍රදේශයෙන් සොයාගන්නා ලද ඇමරිකන් ඩොලර් මුදල් ලබාදෙන බවට පවසා ව්‍යාජ ඩොලර් නෝට්ටු ලබාදී රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වංචා කැර ඇතැයි සැක කෙරෙන බදුල්ලේ තංගවෙල් චිත්‍ර සෙල්වම් ‍ නොහොත් “අයියා” කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුව ගෙන විමර්ශනය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නව කර්මාන්තශාලා 5000ක් රැකියා ලක්ෂ 10ක්

factoryලොව පිළිගත් මුල්පෙළේ සමාගම් 16ක් මෙරට ආයෝජනයට සැ‍රසේ

ඉදිරි පස් අවුරුදු කාලසීමාව තුළ නව රැකියා දස ලක්ෂයේ ඉලක්කය ජය ගැනීමට නව කර්මාන්ත ශාලා පන්දහසක් පිහිටුවීමේ දැවැන්ත කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

වාසි ගොඩයි - අගමැති එයි

ranil 457x300ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දුත පිරිස අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාව බලා ලඟාවිය.

ජනපති ශරීර සුවතා සතියට එක්වෙයි

President25Jඅතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ​ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව කරන ලද යෝජනාවකට අනුව 2016 ජනවාරි 25 දින සිට 30 වන දින දක්වා “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය" ලෙසද, ජනවාරි 30 වන දින “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය" ලෙසද රජය විශේෂ චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ජනපති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනයන්ට අවසන් ගෞරව දක්වයි

01 3 2 1140x1147ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්නට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (20) රාත්‍රියේ ගම්පහ පල්ලිය පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.

ජනාධිපතිතුමා සමග ජයන්ති සිරිසේන මැතිණියද මෙම අවස්ථාවට සහභාගී විය