17072024Wed
Last update:Wed, 08 May 2024

හොර අමෙරිකන් ඩොලර් දී එක්කෝටි අසූ ලක්ෂයක් අත්අඩංගුවට

usඑල්.ටී.ටී.ඊ. පාලන සමයේ උතුරු ප්‍රදේශයෙන් සොයාගන්නා ලද ඇමරිකන් ඩොලර් මුදල් ලබාදෙන බවට පවසා ව්‍යාජ ඩොලර් නෝට්ටු ලබාදී රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වංචා කැර ඇතැයි සැක කෙරෙන බදුල්ලේ තංගවෙල් චිත්‍ර සෙල්වම් ‍ නොහොත් “අයියා” කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුව ගෙන විමර්ශනය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

‘අයියා’ නමැති සැකකරු පසුගිය 21 දින අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා ප්‍රශ්න කිරීම සිදුකරන අතර මොහු සමඟ තවත් සැකකරුවකු අත්අඩංගුවට පත්වූ බව පොලිසිය පවසයි.

පසුගිය ඔක්තෝම්බර් මස කොළඹ වේළුවන ටෙරස් හි පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඇමරිකානු ඩොලර් නෝට්ටු ලබාදෙන බවට පවසා පැමිණිලිකරුව බණ්ඩාරවෙල ප්‍රදේශයේදී මුණගැසී ඇති අයියා “නමැති සැකකරු පැමිණිලිකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 50 මුදල මංකොල්ල කා ඇති බව පවසන පොලිසිය ඒ ඔස්සේ කළ විමර්ශනයකට අනුව නුවරඑළිය හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් බවද ඔවුන් ඇප මත මුදා හැර ඇති බවද සඳහන් කළේය.