05062025Thu
Last update:Wed, 04 Jun 2025

ජනපති ශරීර සුවතා සතියට එක්වෙයි

President25Jඅතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ​ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව කරන ලද යෝජනාවකට අනුව 2016 ජනවාරි 25 දින සිට 30 වන දින දක්වා “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය" ලෙසද, ජනවාරි 30 වන දින “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය" ලෙසද රජය විශේෂ චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එම ජාතික වැඩසටහනේ ආරම්භක දිනය වන අද (25) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ශරීර සුවතා ව්‍යායාමවල නිරත විය.